බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝලිලා ගේ අපේ වාර්තා…. කෝලි ලෝක කුසලාන තරගාවලියේ වාර්තා තුනයි… ලෝක වාර්තා 01යි… අපි තරගාවලියේ වාර්තා 13යි… ලෝක වාර්තා 02යි…

by editor
නොවැම්බර් 15, 2023 - Updated on නොවැම්බර් 16, 2023
in පුවත්
වාර්තා බිඳ දැමූ කෝලි...

වාර්තා බිඳ දැමූ කෝලි...

Share on FacebookShare on Twitter

නවසීලන්තයට එරෙහිව 2023 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේදී සචින් තෙන්ඩුල්කාර්ගේ ලෝක වාර්තා 03ක්  බිඳ දැමීමට විරාට් කෝලි සමත් වූයේය. පළමුව ඔහු සිය 50 වැනි එක්දින ශතකය වාර්තා කළේය. ඒ තෙන්ඩුල්කාර් තැබූ ශතක 49 වාර්තාව බිඳ හෙළමිනි.

2003 ලෝක කුසලාන තරගාවලියේ දී තෙන්ඩුල්කාර අර්ධ ශතක 07ක් වාර්තා කළේය. එය ලෝක කුසලාන තරගාවලියක දී මෙතෙක් නොබිඳුන වාර්තාවකි.  ඒ ඉනිම 11 දී ය.  2023 ලෝක කුසලාන තරගාවලියේ දී කෝලි ඉනිම 10 කින් 08කදීම ලකුණු 50 වැඩි ඉනිම 08ක් ක්‍රීඩා කළේය. සචින්ගේ එම වාර්තාවත් ඔහු බිඳහෙළුවේය.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලියක දි වැඩිම ඒක පුද්ගල ලකුණ සංඛ්‍යාව වර්ෂ 2003 දී සචින් තෙන්ඩුල්කාර් විසින් වාර්තා කර තිබිණි.  ඒ ලකුණු  673කි. කෝලි වසර විස්සකට පසු  අද ඒ වාර්තාවත්  බිඳ හෙළුවේය. ඒ තරගාවලියේ දි ලකුණු 674ට වැඩි ගණනක් ලබා ගිනිමිනි.

වාර්තා බිඳ දැමූ කෝලි…

අද ක්‍රියාත්මක වන්නේ  2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයයි.  ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන  තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.

රෝහිත් ෂර්මා ලකුණු 47කි. ශුබ්මන්ගිල් නොදැවී 80කි. විරාට් කෝලි ලකුණු 117කි. ශ්‍රෙයාස් ලියර්   ලකුණු 105කි.   කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 39කි. සූර්යකුමාර් යාදේව් ලකුණු 01කි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කඩුළු 04ක් පමණක් දැවී හඹා යා නොහැකි සේ සැලකෙන ඉලක්කයක් වූ ලකුණු 398ක ජයග්‍රාහී ලකුණක් ඉන්දියාව විසින්  නවසීලන්තයට ලබා දී තිබේ. මේ ජයග්‍රහණය කළහොත් එය වැඩිම ලකුණු හඹා යෑම ලෙස වාර්තාගත වනු ඇත. එවිට ඒ අවමානිත ලෝක වාර්තාව අපෙන් ඉන්දියාවට යනු ඇත. ඒ වාර්තාව අපේය.

කෝලි තැබුවේ වාර්තා තුනක් පමණි.  මුලින්ම තරගාවලියෙන් ඉවත් වී ගම් රට බලා පැමිණි අප මේ  ලෝක කුසලාන තරගාවලියෙන් පැමිණියේ  වාර්තා 14ක් තබාය. අප හොඳටම කළ ආකාරය ගැන කවුරුත්   කරන්නේ නැත.

අපේ වාර්තා 14 

  1. තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.
  2. තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත
  3. වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය ලකුණු 14කි.
  4. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තොම්බර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.
  5. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය.  පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
  6. තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.
  7. තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.
  8. මේ තරගාවලියේ මතු නොව,  ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.
  9. තරාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බන්දු ප්‍රමාණය 29කි.
  10. තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය.  ලබා දුන්  අමතර ලකුණු ගණන  36කි.
  11. තරගාවලිය පුරා වැඩිම නෝ බෝල් ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නෝ බෝල් 33කි.
  12. වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.
  13. ක්‍රිකට් නියෝජනය කරමින්  වැඩිම නිලධාරීන් පරිසක්  සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.
  14. වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.

ක්‍රිකට්වලට කෙළ වී ඇති ආකාරය මේ වාර්තා 14 තුළ සංක්ෂිප්ත වී ඇති බව ලියා තබමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බැම්මක් කඩා වැටී දැරියක් මිය ගිය වේරගොඩ කණිටු විදුහලේ විදුහල්පතිට ප්‍රහාරයක්… ඇසකට හානි වී අක්ෂි රෝහලට ඇතුළත් කරයි!

Next Post

ඉන්දීය ධීවරයෙකුට උතුරේ අධිකරණයකින් වසර දෙකක ස්ථිර සිර දඬුවමක්… ධීවරයින් 21කට අත්හිටවූ සිර දඬුවම්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.