බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි එක් ලක්ෂ විසි දහසක බදු පොලු තැබූවන්ගෙන් බදු අය නොකර රටේ බදු සුනාමියක් ඇති කරන්නේ ඇයි?. විපක්ෂ නායකවරයා ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි.

by editor
ජූනි 18, 2024
in පුවත්
SAJITH-RANIL
Share on FacebookShare on Twitter

නව බදු පනවා බංකොලොත් රටේ බදු සුනාමි නිර්මාණය නොකර, කෝටි එක් ලක්ෂ විසි දාහක මුදලක බදු පැහැර හැරීම් කළ වංචාකරුවන්ගෙන් එම මුදල් අය කරගැනීමේ ක්‍රමවේදයකට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ප්‍රවේශ නොවන්නේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ඇසුවේය.

ඔහු පෙන්වා දුන්නේ පසුගිය වකවානුව තුළ මේ බංකොලොත් රටේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයන් වෙත රුපියල් කෝටි ලක්ෂයක බදු සහන ලබා දුන් රජය දැන් නව බදු පනවා උපයා ගන්නට උත්සාහ කරන්නේ කෝටි හැට දහසක් බව පෙන්වා දුන්නේය.

ඔහු කීවේ මේ වනවිට රුපියල් කෝටියකට අධික බදු පැහැර හැර ඇති ව්‍යාපාරිකයන් 4200ක් රට තුළ සිටින බවත්, අරක්කු කොම්පැණි දෙකක් පමණක් රටට තැබූ බදු පොල්ල කෝටි 700ක් බවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් විමසුවේ මෙම බදු අයකරගැනීමේ ක්‍රමයකට නොගොස් නව බදු පැනවීම කොතෙක් දුරට සාධාරණ ද යන්නය.

විපක්ෂ නායකවරයා මෙසේ ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

sajith

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දැනට පවතින බදු දැලට ඇතුළු වි සිටින කණ්ඩායම් ඇතුළු කරගැනිමට ක්‍රමවේදයක් නැද්ද.  බදු අය කරගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල් කරණය කිරීමේ ක්‍රමවේදයක් නැද්ද. අප දන්නවා සමහර කණ්ඩායම් මේ  බදු ඩිජිටල්කරණයට කැමති නෑ. කවුරු ආණඩුවෙ හිටියත් මේ බදු පරිපාලනයට විනිවිදභාවයෙන් යුතුව විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට විරුද්ධ කොට්ඨාසයක් ඉන්නවා.

එහෙත්  වඩාත්ම කාර්යක්ෂම බදු කළමනාකරණ ක්‍රමවේදකට යොමු වුනාට පසසේ    හිටි හැටියේම විවිධ අමතර බදු පනවන්නේ නැතිව බදු දැලට අසුවිය යුතු කණ්ඩායම්  අසු කරගැනීමත් බදු පරිපාලනය මීට වැඩි  කාර්යක්ෂමතාවයකින් කළ හැකියි.

මේ බංකොලොත් රටේ  බදු පිට ගහලා බදු සුනාමියක් නිර්මාණය කරනවා වෙනුවට බදු පරිපාලනය සඳහා ඉහළ වැඩපිළිවෙළක් සහිතව බදු කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කරන වැඩසටහනකට යන්න අපි උදව් කරන්න සූදානම්.  ඒ වගේම බදු දැලට අසුවිය යුතුව ඇති එහෙත් අසු නොවී සිටින කණ්ඩායම් ගැන මම ජනාධිපතිතුමාට කරුණු කීපයක් ඉදිරිපත් කරන්නම්.

  • ගිය වසරේ විතරක් රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකයින් වෙත කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දීලා තියනවා. ඒ බදු සහන මේ වගේ තත්ත්වයක් යටතේ දීම සුදුසු ද?. මොන පදනමක් යටතේ ද ඒ බදු සහන ලබා දුන්නේ. එම බදු සහන ලබා නුදුන්නේ නම් ජනාධිපතිවරයාට නව බදු පනවන්න සිද්ධ වෙන්නේ නෑ. නව බදුවලින් අපේක්ෂා කරලා තියනවා කෝටි 60000ක ආදායමක්. නමුත් කෝටි ලක්ෂයක මුදලක් ඉහත කී අයුරු බදු සහන ලබා දීලා තියනව ඉහළම ගණයේ ව්‍යාපාරිකයින්ට.
  • බදු ගෙවීම් පැහැර හැරීම් ගැන බලනකොට කෝටි එක් ලක්ෂ විසි දාහක් බදු පැහැර හැරලා තියනවා. මේවා පාර්ලිමේන්තු කමිටු හරහා හෙළිදරවු වෙලා තියන ඇත්ත කරුණු.  බදු නොගෙවීම බදු පැහැර හැරීම බදු වංචා කිරීම නිවැරදි කරගත්තොත් අප විශ්වාස කරනවා පනවන්නට යන අමතර බදු  හරහා ඇති කරන බදු සුනාමිය ඇති කළ යුතු වන්නේ නෑ.
  • ඒ වගේම අපේ රටේ ඉන්න කෝටිය ඉක්මවූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව හාර දහස් දෙසීයක්. මේ 4200 දෙනාගෙන් ඇයි බදු අයකරගන්න කටයුතු කරන්නේ නැත්තේ
  • අරක්කු ව්‍යාපාරයේ නිරතවන 23ක් අතරින් 5ක් බදු පැහැරහැර සිටි අවස්ථාවේ එම බදු පැහැර හරින්නන්ගේ බලපත්‍රය අහෝසි කර සිටීමට හෝ රජයට හැකියාවක් තිබුණෙ නෑ. මොකක්ද මේ අසීරුකම. මේ වනවිට දෙන්නෙක් බදු ගෙවලා තියනවා. නමුත් ඒ ගෙවපු අය පැහැර හැරිය බදු මුදල රුපියල් කෝටි 700ක්. මේ බලපත්‍රය කැන්සල් කලොත් අනිවාර්යයෙන් මේ  බදු මුදල ගෙවයි.

ජනාධිපතිවරයාගෙනුත් මුදල් ඇමතිවරයා ලෙස මම ප්‍රශ්නයක් ඇහුවා. රාජ්‍ය බැංකුවලින් පුද්ගලයින් හැටියට සහ ආයතන හැටියට විශාල ණය මුදල් අරන් ඒවා නොගෙවන පුද්ගලයින්ගේ සහ කණ්ඩායම්වල ණය ලයිස්තුව ඉදිරිපත් කරන්න කියලා.  සියඹලාපිටිය ඇමතිතුමා තමයි ඒකට උත්තර දුන්නේ. නම් ගම් මුකුත් කියන්න බෑ කිව්වා. නම් කියන්නත් බෑ කිව්වා. කපා හැරපු ණය මුදල කියන්නත් බෑ කිව්වා. මේක හරිම අසාධාරණයි.  ණය අරගෙන රාජ්‍ය බැංකුවලින්  පුද්ගලයින් සහ ආයතන ණය ගෙවන්නෙත් නෑ.  ණය නොගෙවපු අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වම ඒක රහසිගතයි අතිශය පෞද්ගලිකයි කියලා උත්තරයක් එනවා.

මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි මේ බදු පැහැර හරින ධන කුවේරයින්ගේ බදුටික ලබා ගෙන ඔවුන්ව බදු දැලට හසු කරගත්තොත් අරක්කු සමාගම් තමන්ට ගෙවන්න තියන ණය ටික හරියාකාරව ගෙව්වොත් මේ බදු සුනාමිය නවත්වා ගත හැකියි.

මේ රටේ වරප්‍රසාද ලත් පන්තියක් ඉන්නවා. ඔවුන්ගේ ණය කැපෙනවා. කොපමණ කැපුනද කියලා ඇහුවොත් උත්තර දෙන්නෙ නෑ.  නම කියන්නෙත් නෑ. නමුත් සමස්ථයක් ලෙස බදු බර වැඩිවෙනකොට එහි අගතිය සිද්ධ වෙන්නේ ලක්ෂ 220ක් වූ ජනතාවට.

මේව ගැන අධ්‍යයනය කරලා අපට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඇයි  අලුත් බදු ගේනවට වැඩිය අලුත් බදු හරහා අලුතින් රාජ්‍ය ආදායමක් ලබා ගන්නවට වැඩිය තියන බදු ප්‍රතිශය වැඩි කරනවාට වැඩිය මේ ක්ෂේත්‍ර ගැන මුදල් ඇමතිවරයා ලෙස ඇයි වැඩි අවධානය යොමු නොකරන්නේ කියලා අහන්න කැමතියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුත්තලම් බූරුවන්ගෙන් ලෝකයේ මිල අධිකම  සුඛොපභොගී ආහාරයක්වන බූරු චීස් හදන සැලසුමක්… පේරාදෙණිය සරසවිය වැඩ අරඹයි!

Next Post

අනුර දිසානායක එංගලන්තයේ    නිසා අද විපක්ෂ නායකතුමාට වාසි දවසක්… ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.