රුපියල් කෝටි දෙක බැගින් අල්ලස් ගනිමින් නව සුරාසල් බලපත්‍ර 200ක් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි තමන් වගකීමෙන් හෙළිදරව් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ( 19) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ මෙසේ ලබා දීමට සැලසුම් කර ඇති FL4 බලපත්‍ර 15ක් දැනටමත් ලබා දී තිබෙන බවය. ඒ බලපත්‍ර නිකුත් කිරිම සඳහා සුරාබදු කොමසාරිස්වරයා පත් කරගෙන ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය.
ඡන්දයක් ආසන්නයේ සිදුවන මෙවැනි අකටයුතු වහාම වැළැක්විය යුතු බව ද විපක්ෂ නායකවරයා කීවේය.