යුක්ති මෙහෙයුමට සමගාමීව පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති නියමයෙන් කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ඊයේ (19) සිට ආරම්භවූ මෙම කණ්ඩායම් 20 යොදවා මේ වනවිට රටතුළ ක්‍රියාත්මක හඳුනාගත් ප්‍රධාන පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඩලීම සදහා කටයුතු කරනු ලබයි.
සෑම කණ්ඩායමක් සඳහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිළධාරීන් 04 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 02 ක් ඇතුළු නිළධාරීන් 09 ක් ජීප් රථයක් සමග අනුයුක්ත කර ඇත.
පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවු පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.