කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (25) අළුයම අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවද සඳහන් වේ.
ගමන් මලු 05 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය පැකැට් 10ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය පැකැට් 18ක් ලෙස එම මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇත. ඔවුන් ගුවන්තොටුපලින් පිටවී යන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම විශේෂය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක්, පෙදරේරුවෙක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොවුන් අද (25) අලුයම 04.00ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.







