සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගර සභාවේ බලය නැතුව මුජිබර්ට නින්ද නොයන්නේ ඇයි?.

by editor
ජූනි 15, 2025
in පුවත්
Mujibur Rahuman

මුජිබර් රහුමාන්

Share on FacebookShare on Twitter

විශේෂ ලියුම්කරුවෙක් විසිනි –

කොළඹ නගරයේ වාහන ගාල් කළමනාකරණය කියලා කියන්නේ මහා පරිමාණ වංචා ක්ෂේත්‍රයක්.  විගණනයකින් මේ ගැන හෙළිදරව් වෙලා තියෙන දේවල් ඇහුවම අහන මිනිස්සුත් කම්පාවට පත් කරනවා.  මේ කතාව දේශපාලන බලය පාවිච්චි කරලා, අපේම සල්ලි කොහොමද හොරා කන්නේ කියලා පෙන්නුම් කරන හොඳම උදාහරණයක්.

කොන්ත්‍රාත් දුන්න හැටි – අමුතුම කතාවක්!

වාහන ගාල්වල ගාස්තු අය කරන්න පෞද්ගලික ආයතන තෝරන්නේ කොහොමද කියලා නීති රීති තියෙනවා. කලින් කුලී ගෙවීම් පැහැර හැරපු ආයතනවලට කොන්ත්‍රාත් දෙන්න බැහැ. මේක පැහැදිලි නීතියක්. හැබැයි, විගණනයේදී පෙනී ගිහින් තියෙනවා මේ නීතිය කිසිසේත්ම පිළිපදලා නැති බව. කුලී ගෙවීම් පැහැර හැරපු ආයතනවලටම ආයෙත් කොන්ත්‍රාත් දීලා!

Sadid Enterprises කියලා ආයතනයක් මේකට හොඳම උදාහරණය. මෙයාලා 2015, 2016, 2017 අවුරුදු තුනටම නගර සභාවට ගෙවන්න ඕන රුපියල් මිලියන 9.9ක් විතර ගෙවලා නැහැ. එහෙම නොගෙවා ඉද්දිත්, 2018දී ආයෙත් මේ ආයතනයට කොන්ත්‍රාත් තුනක් දීලා තියෙනවා. මේක නිකන් හොරෙක්ටම ආයෙත් හොරකම් කරන්න අවස්ථාව දෙනවා වගේ වැඩක්. 2021 දෙසැම්බර් 31 වෙද්දී හිඟ මුදල 13,998,796.75 විදියට විගණන වාර්තා වල තියෙනවා.

Sadid Enterprises එක මුජිබර් රහුමාන් මහතාට අයත් පෞද්ගලික ආයතනයක්. ඉතින්, දේශපාලන බලය මෙතනට කොහොමද පාවිච්චි වෙලා තියෙන්නේ කියලා මේකෙන් පැහැදිලි වෙනවා. මුජිබර් රහුමාන් විතරක් නෙවෙයි අජන්ත ලියන්ගේ කියන පොහොට්ටු මන්ත්‍රීගේ ආයතන 6ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ ආයතන 6ම ගෙවීම් පැහැර හැරලා 2021 වෙනකොට නගර සභාවට ගෙවන්න තියෙන හිඟ මුදල විදියට රුපියල් හාර කෝටි දහ අට ලක්ෂ අසූ දෙදහස් හාරසිය හයයි  ශත තුනක (4,18, 82, 406.03) මුදල් විගණන වාර්තා වල පෙන්වන්වා.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

නොගෙවූ කුලී බිලියන ගණනක්!

වාහන ගාල්වලින් නගර සභාවට මාසිකව එන්න ඕන කුලී සල්ලි දිගින් දිගටම පැහැර හැරලා තියෙනවා. 2021 අවුරුද්ද වෙනකොට ආයතන 38කින් රුපියල් මිලියන 367කට වඩා වැඩි හිඟ මුදලක් අය කර ගන්න බැරිව තියෙනවා. මේ සල්ලි අපේ සල්ලි. මේවා ගත්තා නම් කොළඹ නගරය තව කොච්චර දියුණු කරන්න තිබුණාද?

හිතුවක්කාර විදියට ගාස්තු අය කරනවා

නගර සභාවෙන් වාහන ගාල් කරන්න අවසර දීලා තියෙන තැන්වල විතරයි ගාස්තු ගන්න ඕන. හැබැයි, නොරිස් කැනල් රථගාල වගේ තැන්වල A.R. Enterprises කියන ආයතනයේ අය තහනම් තැන්වල වාහන නවත්තලා සල්ලි ගන්නවා. මේ ආයතනය පිටුපස ඉන්නෙත් සමඟි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක්. එහෙමනම් මේ සල්ලි යන්නේ කාටද කියලා හිතාගන්න පුළුවන්.

තව දෙයක්! මේ ගාල්වල ඉන්න කිසිම කෙනෙක් නිල ඇඳුමක්වත්, හැඳුනුම්පතක්වත් දාගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි, ටිකට් දෙනකොටත් සම්මත ටිකට් නැතුව අමුතු ටිකට් දෙනවා. මේවා කරන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැමදේම කරන්නේ හොර රහසේ, ආදායම් වංචා කරන්න.

පැය 24ම සල්ලි කඩා ගන්නවා

වාහන ගාල්වලින් සල්ලි ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ උදේ 6 ඉඳන් රෑ 12 වෙනකම්. හැබැයි නොරිස් කැනල් වගේ තැන්වලයි, රෝහල් ළඟ තියෙන වාහන ගාල්වලයි, පැය 24ම සල්ලි කඩා ගන්නවා කියලා හෙළිවෙලා තියෙනවා. මේක නිකන් ජනතාවගේ සාක්කුවට පිහිය දාලා සල්ලි ගන්නවා වගේ වැඩක්.

ආදායම් මිලියන ගණනක් නගර සභාවට අහිමි වෙලා

වාහන ගාල් බලන්න 23 දෙනෙක් ඉන්නවා. එයාලා හරියට වැඩ කළා නම්, මාසෙකට රුපියල් මිලියන 5.6ක් විතර නගර සභාවට එන්න ඕන. හැබැයි ඇවිත් තියෙන්නේ රුපියල් මිලියන 1ක් විතරයි. මේ නිසා නගර සභාවට රුපියල් මිලියන 4.6කට වඩා වැඩි මුදලක් අහිමි වෙලා.

ස්වයංක්‍රීය යන්ත්‍රත් බිල්ලට

වාහන ගාල්වලින් සල්ලි ගන්න ස්වයංක්‍රීය යන්ත්‍ර දැම්මා. ටෙනාගා කාර් පාර්ක්ස් කියලා සමාගමක් මේ කොන්ත්‍රාත්තුව ගත්තා. 2016 ඉඳන් මේගොල්ලෝ ගෙවීම් කරලා නැහැ. 2021 වෙනකොට රුපියල් මිලියන 109කට වඩා නගර සභාවට ගෙවන්න ඕන. මේවා නොගෙවා ඉද්දිත්, නගර සභාවේ අය මේ කොන්ත්‍රාත්තුව අවලංගු කරලා නැහැ. නීතිමය පියවර ගන්නත් අපොහොසත් වෙලා. මේවා නිකන් ‘කළමනාකරණ දුර්වලතා’ නෙවෙයි, මේවා හිතාමතාම කරන වංචා.

මන්ත්‍රීවරුන්ගේ වාහන ගාල් – ලොකු ප්‍රශ්නයක්

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ කාර්යාල ළඟ වාහන ගාල් කරන්න අවසර දීලා තියෙනවා ගාස්තු නැතුව. 119න් 110 දෙනෙක් මේ පහසුව අරගෙන. හැබැයි මේකෙත් ලොකු හොරකමක් තියෙනවා.

  • සමහර මන්ත්‍රීවරු එක ලිපිනයකට වාහන ගාල් කරන්න ඉඩ දෙක තුනක් අරගෙන. JDM Elegance කියලා ආයතනයක් ළඟ මේ වගේ දෙකක්ම තියෙනවා කියලා හෙළි වෙලා.
  • මන්ත්‍රීවරුන්ට වෙන් කරපු තැන්වල ව්‍යාපාර කරන අය වාහන දාගෙන. මේවා පොදු දේපළ පෞද්ගලික ලාභවලට පාවිච්චි කිරීමක්.
  • තව දෙයක් තමයි, මන්ත්‍රීවරුන් කාර්යාල දාලා තියෙන්නේ වාහන ගාල් කරන්න ඉඩ නැති, තදබද වැඩි තැන්වල. උදාහරණයක් විදියට, කොළඹ 11 ප්‍රදේශයේ මන්ත්‍රීවරු 60 දෙනෙක්ම කාර්යාල දාලා තියෙනවා. මෙහෙම කරන්නේ වාහන ගාල් කරන්න ඉඩ ගන්න කියලා තමයි පෙනී යන්නේ. මේකෙන් නගරයට වෙන තදබදය ගැන කවුරුත් හිතන්නේ නැහැ.

අවසාන කතාව

මේ හැමදේම බැලුවම පැහැදිලි වෙන්නේ, කොළඹ මහනගර සභාවේ වාහන ගාල් කළමනාකරණය කියලා කියන්නේ, දේශපාලන බලය පාවිච්චි කරලා මහජන මුදල් වංචා කරන තැනක් බවයි. මුජිබර් රහුමාන් මහතාගේ නම මේකට ඈඳිලා තිබීමෙන්, මේක දේශපාලනය මුවාවෙන් කෙරෙන මහා හොරකමක් කියලා පේනවා. සමහර නාගරික මන්ත්‍රීවරුන් තමන්ගේ බලය පාවිච්චි කරලා, පොදු දේපළ අවභාවිත කරලා, තමන්ගේ මඩිය තර කරගෙන තියෙනවා.

මේ ගැන ඉක්මනින්ම පරීක්ෂණ කරලා, වගකිව යුත්තන්ට දඬුවම් දිය යුතුයි. අපේ සල්ලි ආරක්ෂා කරගන්න අපි මේ ගැන හඬක් නැගිය යුතුමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මුල්‍ය වංචාකරුවන් 88ක වත්කම් තහනම්… ඒ අතර මත්කුඩු ජාවාරමුන් 26ක්….

Next Post

කොළඹ බලය කාටද?… උත්තරය තව පැය කීපයකින්!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.