බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ 07 විශ්‍රාමික සංගීත ගුරුවරිය ඝාතනය කරලා… පොලිසිය පුළුල් විමර්ශනයක..

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
Death
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ –

කොළඹ 07 විජේරාම පාරේ නිවසක තනිවම ජීවත් වූ 75 හැවිරිදි සංගීත ගුරුවරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එය ගෙල සිරකර සිදුකළ ඝාතනයක් බවට සැලකිය හැකි ලක්ෂණ  හඳුනා ගැනීමත් සමග   ඝාතනය සම්බන්ධව විවෘත තින්දුවක් ලබා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා  සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර  තිබේ.

මෙසේ සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කර  ඇයගේ   මරණය සිදුව ඇති ආකාරය ගැන තවදුරටත් විද්‍යාගාර විමර්ශනයක් ඔස්සේ කරුණු තහවුරු කර ගැනීමට බව එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය මත පොලිසිය මෙම මරණය ඝාතනයක් ලෙස සලකා ඉදිරි විමර්ශන පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් කරනු ලබන විමර්ශනවලට අමතරව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙසේ අබිරහස් ලෙස මරණයට පත්ව සිටින්නේ මිත්‍රානි ප්‍රනාන්දු ස්මිත් නමැති විශ්‍රාමික ගුරුවරියකි. ඇය කොලොන්නේ පදිංචිකාරියක් බවත් විවාහයෙන් පසු සැමියා සමඟ මෙම නිවසේ පදිංචියට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ව්‍යාපාරිකයෙක් වන සැමියා වසර දෙකකට පමණ පෙර මිය යාමෙන් පසු මෙම නිවසේ ඇය තනිවම ජීවත්ව ඇතැයි පොලිසිය කියයි. ඇගේ මරණය සිදුව ඇත්තේ පසුගිය 15 වැනිදාය.

15 වැනිදා සවස් කාලයේ සිට ඇගේ නිවසේ දොරගුළු තිබී ඇත්තේ විවෘතවය. ඇයගේ  බාල සහෝදරයාගේ   පුතා ඔහුගේ මෝටර් රථය නවතා තබන්නේ මෙම නි‍වෙස පිහිටි ගෙවත්තේ බව පොලිසිය කියයි. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන ඔහු පදිංචිව සිටින්නේ  මොරටුවේය. ඇගේ නිවසේ දොර ජනේල් විවෘත කර විදුලියද විසන්ධිව ඇති බව 119 හරහා පොලිසිය දැනුම්වත් කර ඇත්තේ ගුරුවරියගේ මෙම ඤාති පුතාය.

එම පණිවුඩයට අනුව කුරුඳුවත්ත පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇගේ සිරුර නිවසේ බිම මුණින් අතට වැටී තිබී හමුවී ඇත. වහාම ක්‍රියාක්මක වූ පොලිසිය එම ස්ථානයට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ගෙන්වාගෙන තිබේ. එහිදී අනාවරණ්‍ය වී ඇත්තේ  ඇය මියගොස් සිටින බවය.

පොලිසිය පවසනුයේ ඇය බිම වැටී සිටි ස්ථානයේ ලේ පැල්ලම් කිහිපයක්ද තිබුණු බවය. ඒ මුවින් සහ පපු ප්‍රදේශය ආශ්‍රිතවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී ගොස් ඇති ආකාරයට අනුව පපු ප්‍රදේශයේ තුවාල කිසිවක් තිබී නැත. මුවින් පිටවූ රුධිරය පපු ප්‍රදේශයට ගලාගෙන ගොස් ඇති බව අනුමාන කෙරේ.

ඇයව කිසියම් අයෙක් ගෙල සිර කර ඝාතනය කර එය විදුලි සැර වැදීමකින් සිදු වූ මරණයක් බව පෙන්වීමට උත්සාහ දරා තිබේ දැයි සැකයක්ද මේ වන විට මතුව තිබේ.

ඒ ඇය මියගොස් වැටී සිටි ස්ථානයේ පොළොව ඔප දමන යන්ත්‍රයක් තිබීමත් එහි වයරය පළුදූ වී තිබීමත් නිවසේ ට්‍රිප් ස්විචය අක්‍රිය වී තිබීමත් හේතුවෙනි. ඇගේ සිරුර හමුවන විට මුළුතැන්ගෙයි තිබී සෝදා පිරිසිදු නොකළ තේ කෝප්ප තුනක්ද පොලිසියට හමුවී තිබිණි. එම එක් තේ කෝප්පයක තේ තිබී ඇත්තේ අඩක් ඉතිරිවය. එම තේ කෝප්පවල තිබී ඇඟිලි සලකුණු කිහිපයක් ද පොලිසියට හමුවී ඇත.

ඒ හැරුණු කොට රොටි 09ක් ද තිබී හමුවූ බව පොලිසිය කියයි. එම රොටි සකස් සර ඇත්තේ මෙම ගුරුවරිය බව මේ වන විට අනාවරණය වී ඇත. රෝටි සකස් කර ඇත්තේ ගෑස් ළිපේ තබාය. එහෙත් එම ළිප පත්තු කිරීමට අවශ්‍ය ගෑස් සිලින්ඩරය ඇගේ මරණයත් සමඟ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.

මේ හැරුණු කොට නිවසේ තිබුණු ලැප්ටොප් එකක් සහ ඇය පරිහරණය කළ ජංගම දුරකතනය ද අස්ථානගතව ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

ඒ හැරුණු කොට මෙම නිවසේ කිසිදු දේපොළක් සොරාගැනීමට ලක්ව ඇති බවට සාධක නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සැබෑ ලෙසම සොරෙක් මෙම නිවසට ඇතුළු වී මෙම දේවල් සොරාගත්තේද නැතිනම් සොරකමක් සිදුවී ඇතැයි පෙන්වා ඇයව සැලසුම්සහගතව මරා දැමුවේ දැයි යන්න ගැන පවා විමර්ශන කණ්ඩායම් සිය අවධානය යොමු කරමින් පරීක්ෂණ පවත්වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මියගොස් සිටින ගුරුවරිය පියානෝ වාදනය සම්බන්ධයෙන් දක්ෂ ගුරුවරියක් බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. ඇගෙන් සංගීතය ඉගෙනුමට පැමිණෙන ළමුන් හඳුනාගෙන ඒ අයගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. ඒ හැරුණු කොට මෙම නිවස අවට නිවෙස්වල ඇති ආරක්ෂක කැමරා දර්ශන ද පරීක්ෂා කරමින් සැකකටයුතු පුද්ගලයින් නිරීක්ෂණය කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබුණි.

මේ හැරුණු කොට මෙම කාන්තාව ජීවත්වූ නිවසේ අයිතිය හා ඊට උරුමකම් කියන පිරිස් සිටී දැයි සොයාද විමර්ශන පවත්වන බවත් එම විමර්ශන පවත්වනුයේ මෙම මරණය තවමත් අබිරහසක්ව පවතින බැවින් සෑම පැතිකඩක් ගැනම සොයා බැලිය යුතු යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. –දිනමිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

චෙන්නායි සිට යාපනයට පැමිණි ගුවන් යානයක් යාපනය ගුවන්තොටුපලට ගොඩබාන්න බැරිව විනාඩි 40ක් අහසේ කරක්ගසා යළි චෙන්නායි වෙතම යයි…

Next Post

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලයේ මුරකරු ඝාතනය කර පිංකැටය කොල්ල කෑවේ මනුෂ්‍ය ඝාතන කීපයක් සිදුකර රක්ෂිත බන්ධනාගාරයේ සිටිය දි පලා ගිය අයෙක්… සැකකරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.