දිනසේන රතුගමගේ –
යාපනය කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන් කොරෝනා රෝගයට බිලි වීමෙන් ඊයේ ( 21) දා යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ.
සභාපතිවරයාට කොරෝනා රෝගය වැළදී සුවය ලැබීමෙන් පසුව නිවසට පැමිණ සිටියදී යළි අසනීප වීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.
මියයන විට 61 වෙනි වියේ පසු වූ යාපනය කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආදාහන කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව යාපනයේ පොම්මාවේලී ආදාහනාගාරයේදී අද ( 22 ) සිදු කිරීමට නියමිතව තිබුණි.