බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් සටනේ නියමුවෙක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අමාත්‍යංශ කොවිඩ් උපදේශන කමිටුවෙන් ඉල්ලා අස්වෙයි.

by editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Ananda-W
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ක්‍රියා කරන ඉදිරිපෙළ ප්‍රමුඛතම වෛද්‍යවරයකු වන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්ධ ප්‍රධාන පෙළේ උපදේශන කමිටුවකින් ඉල්ලා අස් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හම්බන්තොට වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය විජේවික්‍රම තුළ පවතින අප්‍රසාදය මෙම ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙරට කොවිඩ් රෝගීන් කළමනාකරණය සම්බන්ධ තීරණාත්මක වෛද්‍යවරයකු ලෙසින් කාගෙත් පිළිගැනීමට ලක්ව සිටින මෙම විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් රෝගය පාලනය සම්බන්ධ තාක්ෂණික කමිටු කිහිපයක්ම නියෝජනය කරන වෛද්‍ය විද්‍යා විද්වතෙකි.

මෙම තාක්ෂණික කමිටුව නියෝජනය කරන විශේෂඥයන්ගේ මූලික අදහස් වී තිබුණේ වයස අවුරුදු 18ත් 30ත් අතර කණ්ඩායමට සයිනෝෆාම් එන්නත ලබා දීම වඩාත් සුදුසු වන අතර අවදානම් කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නත් ඉතිරි කර ගැනීම එහි විද්‍යාත්මක අරමුණ වී තිබේ.

කෙසේ වුවද එම විද්‍යාත්මක පදනම බිඳ දමමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම වයස් කාණ්ඩයේ පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත් 50,000ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික කමිටු නියෝජිතයන් මෙන්ම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය,විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් ගණනාවක් ද සිය විරෝධ පළ කොට තිබිණ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ කමිටු සාමාජිකයකු ලෙසින්ද ක්‍රියා කළ අතර දැනට තවමත් මෙරට භාවිත නොවන චීන එන්නතක් අනුමත කර ගැනීම සඳහා ද යම් පාර්ශ්වයක් ඔහු වෙත බලපෑම් කර තිබූ බව ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසීමට ලංකාසර උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හාල් මාෆියාවේ එක් අයෙකුගේ කන්නයක ලාබය කෝටි 500යි

Next Post

කොවිඩ් වෛරසයෙක් බේරෙන්න හුමාලය අල්ලන්න ගිහින් පිලිස්සුම් තුවාලකරුවන් වැඩි වෙලා… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.