අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණ භූමදානය ගැන ජපුරේ මහාචාර්යවරිය මාධ්‍යයට කී මුගටි බොරුව

ඩෙන්මාර්ක් මුගටි උදාහරණය වැරදි බව හෙළිවෙයි

by editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් මරණ ආදාහනය නොකොට භූමදානය කළහොත් මෙම මළ සිරුරුවලින් වෛරසය පස හෝ භූගත ජලය හරහා ව්‍යාප්ත විය හැකි බවට මතයක් දක්වන ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙයේ ව්‍යවහාරික විද්‍යා අංශයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ   අද (23)  දින පැවැත්වූ පුවත් සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු නිවැරදි නොවන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

මෙම මරණ ආදාහනය කළ යුතු බවට හොඳම නිදර්ශනය ලෙස ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙන්මාර්කයේ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත කිරීම නිසා මරා වළ දැමූ මින්ක් නම් මුගටි විශේෂය ය.  මින්ක්  මුගටි විශේෂය ආශ්‍රිතව මෙම නව වෛරස් ප්‍රභේදය  බෝවීම හේතුවෙන් මරා වළ දමන ලද සතුන්ගේ දේහ යළි ඩෙන්මාර්ක රජය වසින් ගොඩ ගෙන පුළුස්සා දැමීමට තීරණය කර ඇත්තේ එම සිරුරුවලින් භූගත ජලයට කොවිඩ් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට පරයේෂණකය දී හෙළි ව ඇති නිසා  බව ඇය කීවාය.

එහෙත් ඩෙන්මාර්කයේ නිල වාර්තා කිසිවක හෝ  ඇය විසින් උපුටා දක්වන ලද පරයේෂණ පත්‍රිකා  කිසිවක එවැන්නක් සඳහන් නොවන අතර මෙම සතුන් ගේ සිරුරු ගොඩ ගෙන යළි පුලුස්සා දැමීමට සූදානම් වන්නේ මෙම අති විශාල සත්ත්ව සිරුරු හේතුවෙන් පස සහ භූගත ජලය වෙනත් විෂ වායුවලින් දූෂණය වීමට පවතින ඉඩ නිසාය.

  • කොවිඩ් පැතිරීමේ අවදානමක් නෑ…

එසේ වුවද මින් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බව එරට රජයේ බලධාරීහු අවධාරණය කරති. ලෝම සහ සම් ලබා ගැනීම සඳහා කර්මාන්තයක් වශයෙන් ඇති කෙරෙක මෙම සතුන් තුළ කොවිඩ් 19 වෙනස් වූ ප්‍රභේදයක් වාරතා වීම හේතුවෙන්   මිලියන 17ක සත්ව ගහණයක් ඩෙන්මාර්ක් රජය විසින් විනාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම සතුන් ඩෙන්මාර්කයේ හමුදාවට අයත් ප්‍රදේශයක වළ දැමීමට කටයුතු කළ අතර මෙම සතුන් ගේ සිරුරු දිරා යාමේදී පිටවන අහිතකර වායූන් සහ කොටස පිළිබඳව පර්යේෂණයක් සිදු කෙරුණේ එරට තාක්ෂණ විශ්ව විද්‍යාලයය සහ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මඟිනි. මෙම පරීක්ෂණය ඩෙන්මාර්ක් පරිසර ආරක්ෂක අධිකාරිය විසින් මෙහෙයවනු ලැබ ඇත.

ඔවුන් එහිදී සඳහන් කර සිටියේ ඇතැම් ජල මාර්ගවලට ඒවැනි  අහිතකර වායූන්  එක්වීමේ ඉඩක් පවතින බවය. මේ තත්තවය නිසා එම සතුන් ගෙන් මිලියන 4ක්  මෙසේ ගොඩ ගෙන කසළ දහනය කෙරන ඉන්සිනරේටරයක බහා පිළිස්සීමට තීරණය වී තිබේ

  • තීරණය ක්‍රියාත්මක වන්නේ මැයි මාසයේ දී

මෙම තීරණයද ක්‍රියාත්මක වන්නේ ලබන මැයි මාසයේදීය. ඊට හේතුව වී ඇත්තේ මෙම සතුන් යළි ගොඩ ගැනීමේදී සහ ප්‍රවාහනයේදී   කොවිඩ් වෛරසද ආසාදනයකට ලක්වීමේ ඉඩක් පවතින නිසාය. එසේ හෙයින් වෛරසයේ බලය හීන වී එය විනාශ වන තෙක් මෙම සතුන් යළි  ගොඩ ගැනීමට හෝ පිළිස්සීම ට කල් ගැනීමට ඩෙන්මාර්ක රජය ක්‍රියා කර ඇත.

එසේම මේ  වනවිට මෙම ප්‍රදේශයට සම්පූර්ණ ආරක්ෂාව යොදා ඇති අතර ඩෙන්මාර්ක රජය පවසන්නේ කිසිදු අකාරයකට වෛරසය යළි මෙම සත්ත්ව මළ සිරුරු හරහා ව්‍යාප්ත වීමේ අවදානමක් මේ තුළ නොපවතින බවය.

එවැනි පසුබිමක් පැවතියද මහාචාර්ය මෙත්තිකා විතානගේ තම මතය සනාථ කිරීම සඳහා මෙරට ජනතාව නොමඟ යවන ආකාරයෙන අද මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත්තේ මෙසේය.

  • මහාචාර්ය මෙත්තිකා මධ්‍ය හමුවේ දී කී මුගටි බොරුව

“දැනට මාසයකට පමණ ඉහත දී ඩෙන්මාර්කයේ මුගටින් කොවිඩ් වාහකයින් බවට හඳුනා ගැනීමත් සමග ලක්ෂ 15ක් පමණ මුගටියන් මරා දමා භූමදානය කළා. පසුව එම රටේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සහ තාක්ෂණික විශ්ව විද්‍යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළා. නමුත් පසුව ඔවුන්ට තේරුම් ගියා වෛරස් සහිත මුගටියන් වල දැමීම නිසා භූගත ජලයට වෛරසය මුසුවීමේ අවධානමක් පවතිනවා කියලා.

ඒ අනුව ඩෙන්මාර්ක් බලධාරීන් විසින් භූමදානය කළ මෙම මුගටියන් ගේ සිරුරූ යලි ගොඩ අරගෙන ඒවා පුළුස්සා විනාශ කිරීමට පියවර ගනු ලැබුවා. අද වන විට අප රටේ විකාරරූපි ස්වරුපයකින් දඟලනවා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කරනවද නැත්නම් ආදාහනය කරනවද කියලා. නමුත් අපට ඩෙන්මාර්කයෙන් ලබාදී තිබෙන උදාහරණය ගැන අවධානය යොමු කිරීම වැදගත්”

  • මහාචාර්ය මලිත් පීරීස් ගේ අදහස

කොවිඩ් 19 ඇතුළු සාර්ස්ස් කාණ්ඩයේ කොරෝනා වයිරස පිළිබඳව අග්නි දිග ආසියාවේ සිටින ප්‍රධානතම පෙළේ විද්වතකු වන මහාචාර්ය මලික් පීරිස් වැන්නන් පවා   තම මතය   නිවැරදිව ප්‍රකාශ කළ අතර ඔහු එහි දි සඳහන් කළේ මළ සිරුරු භූමදානයෙන් පසුව වෛරසය භූගත ජලයට එක්වීමේ හෝ තවත් පුද්ගලයකුට ආසාදනය වීමේ හැකියාව පිළිබඳ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොපවතින බවය. ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ දැනට තහවුරු කරගෙන ඇති ආකාරයට මෙම වයිසරය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වීමේ ඉඩකඩ ඇත්තේ උපරිම වශයෙන් දින 14ක් තුළදී බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මුස්ලිම් අන්තවාදය වලදාන්නෙ නැතුව මළමිනියක් අල්ලගෙන පිස්සු කෙලින්න එපා”

Next Post

බන්දුලාල් බණ්ඩාරිගොඩ ගේ ඥාති මැරයෝ දෙණියාය විශේෂඥ මනෝ වෛද්‍යවරයාට පහර දෙති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.