සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල දින ගණන සැපිරූ පුද්ගලයන් බස් පිටින් පටවන් ඇවිත් මහ රෑ මග අතහැරලා…

by editor
නොවැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් දින 14 සම්පූර්ණ කර හෝ රෝගය පාලනය වී ඇති බවට නිශ්චය කර   දින 14ක් නිවාසගත නිරෝධායන කොන්දේසි මත මුදාහල පුද්ගලයින් බස් පිටින් පටවාගෙන පැමිණ ඊයේ (06) රාත්‍රියේ ගම්පහ දිස්ත්‍රික්කයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලත්, මහර, ජාඇල, ගණේමුල්ල, වැලිවේරිය ප්‍රදේශවල මාර්ග අයිනේත් අතහැර  ගොස් ඇතැයි වාර්තා වේ.

මේ සමහර පුද්ගලයන් රාත්‍රියේ ස්වකීය බඩු මලුත් හිස තබාගෙන කිලෝ මීටර තුන හතර පයින් ගොස් ඇති බව පැවසේ.  තවමත් ආසාදනය මුළුමනින්ම සුව වී අතිදැයි සැක සහිත තත්වයක පසුවන මේ පුද්ගලයන් කිසිම වාහනයක  නන්වා ගැනීමට කිසිවෙක් සූදානම් නොවන  බව පැහැදිලි වී තිබුනේ එක් අවස්ථාවක පොලිස් ජිප් රථයක් විදුලි පන්දම් දල්වාගෙන පසු පසින් යද්දී රෝහලේ සිට පැමිණි පුද්ගලයෙකුට කිලෝමීටර තුනක් පා ගමනින් යෑමට සිදු වී ඇති අයුරු හෙළි වීමත් සමගිනි.

මේ ආකාරයේම මීට දින තුනකට පෙර කිසිම පෙර දැනුම් දිමක් නැතිව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හමුදා බස් රථයකින් පටවාගෙන පැමිණි නිරෝධායනය නිම කළ පිරිසක් පෑලියගොඩට හරවා යැවීමට සිදු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව  දිවුලපිටිය කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂක,  සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ උප සභාපති  එස්.ටී.යූ.ටී. කුලතිලකගෙන් අප කළ විමසුමක දී ඔහු කීවේ මේ අවධිමත් වැඩ පිළිවෙළට ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලක්ම මුහුණ දෙමින් ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෙර දැනුම් දීමකින් තොරව මෙසේ රෝහල්වලින් හා නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයන් රැගෙන විත්  මහ රෑ තැන තැන  අත්හැර දමන සැලසුමක් නැති වැඩ පිළිවෙළ නිසා සමස්ථ නිරෝධායන ක්‍රියාවලියේම වගකීම් සහගත ගෞරවණීය ස්වරූපය   විනාශ  වන බව    උප සභාපති වරයා පෙන්වා දුන්නේය.

ඔහු පවසන්නේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත් වී පී.සී.ආර්. පරීක්ෂණ කර නිරෝධායනයට ලක් කර අනතුරුව කොවිඩ් රෝහල්වලට රැගෙන යෑම දක්වා කටයුතු කරන නමුත් අවසානයේ වැඩපිළිවෙළ නිමා වන්නේ අතිශය අවුල් සහගත ආකාරයෙන් බවයි.

“ මේ පිරිස් එන්න කලින් අපි දන්නෙ නෑ,.. ඔවුන්ව නිසි ලෙස අදාල ස්ථාන වලට ඇරලවන්න නිසි වැඩපිළිවෙළක් නෑ… ආවාට පස්සේ අපට කියනවා කට්ටියක් ඇවිත් කියලා. කට්ටියක් එම්.ඕ.එච් එකට දැම්මා, කට්ටියක් පොලිසියට ඇරලුවා කියලා.. හිතන්න… අපිට කොහෙද වාහන තියෙන්නෙ. අපි මොනවද කරන්නෙ. කොහොමද අපි වගේ නිලධාරීන් මේ ප්‍රවාහන කටයුතු සම්බන්ධීකරණය කරන්නෙ.     බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මැදිහත් වෙලා  මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතුයි… “

“ මේක කවුරුත් තේරුම් ගන්න ඕන. මේ ආසාදිතයන් සොයාගෙන පී.සී.ආර්. කරලා නිරෝධායනයට හෝ රෝහල්වලට යොමු කිරීමේ මූලිකම කටයුතු කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. අවසානයේ කිසිම වගකීමක් නැතිව මේ විදිහට කටයුතු වෙනකොට සමස්ථ අප්‍රසාදය එන්නේ අපට. අපි මේ විදිහට කොහොමද   මින් ඉදිරිටය කොවිඩ් මර්ධන රාජකාරිය කරන්නෙ. කොයි වෙලාවක හරි මේ මිනිස්සුන්ගේ පීඩනය, අප්‍රසාදය කෝපය පිටවෙන්නෙ අපෙන්… දැනටමත් මරණ තර්ජන ගණනාවක් එල්ල වෙලා තියනවා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට. මේ තත්වය නිවැරදි කරන්න වහාම වගකිවයුත්තන් මැදිහත් විය යුතුයි. මේ ක්‍රියාවලියේ බරපතල අර්බුදය සියලු වගකිව යුත්තන් වටහා ගත යුතුයි. මෙහෙම ගියොත් මුලු ක්‍රිියාවලියම බිඳ වැටී රට විශාල අනතුරකට යාවි.“

සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති, දිවුලපිටිය කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ටී.යූ.ටී කුලතිලක වැඩිදුරටත් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් 257යි… මුළු ආසාදිතයන් ගණන 9749

Next Post

දිවයිනේ ප්‍රදේශ ගණනකට අකුණු සහිත වැසි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.