දෙමටගොඩ ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අකමැති පුද්ගලයින් සහ වයෝවෘද්ධ පුද්ගලයින් සොයා එන්නත ලබා දීම සඳහා එන්නතකරණ ජංගම ගිලන්රථ යොදාවා ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කරයි.
දෙමටගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා එන්නත්කරණයට ලක් කළ බවත් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ අවසරය ලබා ගත් බවද ඔහු පවසයි.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පස්දෙනෙක් මුලින්ම හඳුනා ගැනීම හේතුවෙන් මෙම විශේෂ එන්නත්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්ම කළ බව වෛද්‍ය විජේමුණි කියයි.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සමාජයේ තවත් සිටිය හැකි බැවින් එන්නත්කරණයට සියලුම දෙනා ලක් කළ යුතුයැයි ඔහු පවසා සිටියි.
.