ලොව වටිනාම, මිල කල නොහැකි බැව් පැවසෙන මැණික් 03ක් ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට අද පියවර ගෙන තිබේ.
මෙම මිල කල නොහැකි වටිනා මැණික් 03 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන දේපළකි.
කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් එහි සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කෙරිණි.
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතී.
නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මෙම මැණික් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවට රැගෙන එන ලදී.