සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා මැද පීදුණු ඉන්දීය තාරුණ්‍ය

by editor
ජූලි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බැට කෑ ඉන්දියාවේ තරුණ ප්‍රජාව වෛරසය පැතිරයාම වැලැක්වීමට නොබියව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව ඉන්දියාවේ තරුණ පිරිස් තමන් ජීවත්වන ප්‍රදේශවල සෞඛ්‍යාරක්ෂිත භාවය තහවුරු කිරීමට ඉතා ආදර්ශමත් මෙන්ම නිර්මාණ ශීලිව සහභාගීවි ඇති අතර එහිදී ඔවුන් සෞඛ්‍ය ප්‍රවර්ධනයට නවතම ක්‍රමවේදයක් යොදොගැනීමට සමත්ව ඇත.

එහි එක් අවස්ථාවක් ලෙස යුනිසෙෆ් ආයතනය සහ ඉන්දියාවේ තරුණ කටයුතු අමාත්‍යංශයේ ජාතික සේවා වැඩසටහන යටතේ තරුණ තරුණියන් 25000කගේ සහභාගීත්වයෙන් නිල් බලකාය වැඩසහන දියත් කෙරිණි.

නිල් බලකාය

මෙම වැඩසටහනට අනුව චටිස්ගා හී මිලියනකට අධික ජනතාවකට සහය වීමට හැකියාව ලැබී ඇත. එහිදී වයස අවුරුදු පහට අඩු දරුවන් සම්පූර්ණ වශයෙන් ප්‍රතිශක්තීකරණය කිරීමටද ගැබිණි කාන්තාවන්ට ආරක්ෂිතව දරුවන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකියාව ලැබී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම ළමා පෝෂණය පිලිබඳ සහ පාසල් වසා ඇති අවස්ථාවක් වුවත් ළමුන්ගේ අධ්‍යාපනය කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සහ උපකාර සැලසීමද මෙම වැඩසටහන මගින් සිදුවිය.

නිවසෙන් නිවසට ගිය කොරෝනා එන්නතේ වැදගත්කම

මේ අතර මධ්‍ය ප්‍රදේශ් හී ග්‍රාමීය ප්‍රදේශවල වෙසන බහුතරයක් දෙනාට කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමේ වැදගත්කම පහදා දෙමින් එන්නත් කරණයටද යොමු කිරීමට සමත්ව ඇත.

මෙහිදී කොරෝනා මර්ධන එන්නත් සම්බන්ධයෙන් මධ්‍ය ප්‍රදේශ් හී පැතිර කිය කටකතා හේතුවෙන් එන්නත් කරණයට මැලිකමක් දැක්වූ විශාල පිරිසක් මෙම තරුණ පිරිසගේ මැදිහත්වීමෙන් එන්නත් කරණයට යොමු වී තිබේ.

එහිදී ස්වේච්ඡා ක්‍රියාකාරීන්වූ ඩිවිශා පර්වාර්, රිටේෂ් යාදව් සහ ආර්ති යාදව් නිවසෙන් නිවසට ගොස් එන්නත් ලබාගැනීමේ වැදගත්කම පැහැදිලි කිරිමට පියවරගෙන තිබිණි.

රෝද දෙක මත තැණුන පුස්තකාලය

කොරෝනා වෛරසය හේතුවන් පාසල් වසා දැමීමත් සමඟ මධ්‍ය ප්‍රදේශ් හී සින්ගුරාවුලි හී දරුවන්   විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබීය. එම දරුවන් බහුතරකයකට ජංගම දුරකථන නොමැති වීම හේතුවෙන් මාර්ග ගත අධ්‍යාපන කටයුතු වල නිරතවීමට නොහැකි විය.

ඊට පිළියමක් වශයෙන් තරුණ ගුරුවරියක් වූ ඌෂා ඩුබෙයි විසින් සිය යතුරු පැදියේ පොත් තබාගෙන් අධ්‍යාපන අවස්ථා අහිමි වූ දරුවන් සොයා ගම් නියම්ගම් සිසාරා යෑමට පියවරගෙන තිබිණි.

ඌෂා ඩුබෙයි ගේ රෝද දෙකේ පුස්තකාලය

ඇය කියවීමට ඇල්මක් ඇති දරුවන් සොයා යමින් ඔවුන් පොත් කියවීමේ අවස්ථාව සලසා දෙමින්ද දරුවන්ට මඟ හැරුණු පාඩම් කියාදීමටද ඉදිරිපත්විය.

එහිදී ඇය සිය යතුරු පැදිය ජංගම පුස්ථකාලයක් බවට පත් කළ අතර එමගින් අධ්‍යාපන අවස්ථා අහිමි වීමට ගිය දරුවන් රැසකට මඟ හැරීමට ගිය අධ්‍යාපන අවස්ථා මඟහරවා ගැනීමට හැකිවිය.

ඩිජිටල් අවකාශය ජයගැනීම

අපි සියලුදෙනා දන්නා පරිදි ඉන්දියාව යනු විවිධ සංස්කෘතීන් මෙන්ම භාෂා රැසක් භාවිතා වන රටකි. එවැන් තත්ත්වයකදී කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන කටයුතු මාර්ගත ක්‍රමයට සිදුකිරීමේදී දරුවන් රැසක් එක් පොදු ගැටලුවකට මුහුණ දෙනු ලැබීය.

Hitarth Seth
ජංගම දුරකථන යෙදවුම සැදූ 17 හැවිරිදි හිතාර්ත් සෙත්

ඒ අනුව හින්දි සහ ඉංග්‍රීසි නොවන භාෂා මාධ්‍යන්ගෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට අන්තර්ජාලය තුළ පාඩ්ම් කටයුතු වලට අවශ්‍ය කරුණු සොයා ගැනීමේ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.

මෙම අභියෝගයට පිළියමක් වශයෙන් ගුජරාට් ප්‍රාන්තයේ ජීවත්වන 17 හැවරිදි හිතාර්ත් සෙත් විසදුමක් සෙයාගනු ලැබුවේය.  ඒ අනුව ඔහු විසින් ප්‍රධාන නොවන භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට දැණුම ලබා ගැනීමට හැකිවන අයුරින් ජංගම දුරකථන යොදුමක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

මෙම ජංගම දුරකථන යෙදුම මගින් භෂා අටකට අධික සංඛ්‍යාවකින් දරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් කිසිම බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමටද අවස්ථාව හිමිවේ.

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවයෙන් සිදු කළ පෙරළිය

කේරලයේ වායනාද් හී වෙසෙන අශ්වතී මුරලි ස්වර්ණමය හඬකට හිමිකම් කියයි. ඇය විසින් කුඩා ගුවන් විදුලි සේවයක් පවත්වාගෙන යනු ලබයි.

කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර ගිය සමයේදී යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමට ඇය විසින් ගුවන් විදුලි සේවය ඔස්සේ සිය ප්‍රදේශයේ ජනතාව දැණුම්වත් කිරීම සිදුකෙරිනි.

පසුව එන්නත්කරණය ආරම්භ වීමත් සමඟ සිය ග්‍රාමයේ පැතිර ගිය දුර්මත වැලැක්වීමටද ඇය සිය හඬ යොදා ගනු ලැබුවාය. එහිදී ඇය එන්නත ලබාගැනීමේ වැදගත්කම සහ ඒ පිලිබඳ පැතිර තිබූ දුර්මත පරදන්න සමත් වූවාය.

ඒ අනුව ඇය විසූ ග්‍රාමයේ සියලුමදෙනා මේවන විට කොරෝනා එන්නත් ලබාගෙන ඇති අතරම ගම තුළ කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමටත් ඇය සමත් වූවාය.

Ashwathy Murali
අශ්වතී මුරලි

අසත්‍ය තොරතුරු පැරදවීම

කොරෝන වෛරසය පැතිරයාමත් සමඟ ඉන්දීය ජනතාව විවිධ ඇදහීම් වලට අනුව කටයුතු කරන අයුරු දැක ගැනීමට හැකිවිය. ඇතැමුන් ගව මල ද්‍රව්‍ය ඇගේ තවරා ගනිමින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට උත්සාහ කළ අයුරුද දැක ගැනීමට හැකිවිය.

 

මෙවැනි පසුබිමක් තුළ වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු පරදා සත්‍ය කරුණු ජනගත කිරීම විශාල අභියෝගයක් විය.

එහිදී තමලිනාඩු හී වෙනස අල්තාෆ් විසින් සමාජ ජාල මාධ්‍ය භාවිතා කරමින් සත්‍ය තොරතුරු ජනගත කිරීමට වෑයම් කළේය. එය ඵලදරමින් දහස් ගණනක් දැණුම්වත් කිරීමට ඔහු සමවත්විය.

මෙම චරිත වලට අමතරව සටහන් නොවුණු තවත් තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පරාජය කිරීමට දිවා රෑ නොබනා කැපවන අතර ඔවුන්ගේ කැපවීම අතිමහත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති පොලිස් ඇමති ගේ තටු කපයි…

Next Post

හයසින්ති විජේරත්න රිය අනතුරකින් මිය යයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.