බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන්ගේ නිල නිවසේ කොරෝනා මර්ධන මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් පැවති සාදයන් පිළිබඳ එරට පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ.
අග්‍රාමාත්‍යවරයා විසින්ම බි්‍රතාන්‍ය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීමට පනවා තිබූ සංචරණ සීමා උල්ලංඝණය කරමින් ඩවුනින් වීදියේ පැවති සාදයන් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා වලට අදාලව මෙම පරීක්ෂණය පැවැත්වේ.
ඒ අනුව සාද සහ මහජනයා ඒකරාශී වීම් තහනම් කරමින් නීති පනවා තිබූ කාලයේදී ජොන්සන් අග්‍රාමාත්‍යවරයා විසින් උපන්දින සාදයක් පවත්වා ඇති බවට චෝදනා එල්ලවී ඇති අතරම එම කාලය තුලදී තවත් සාදයක්ද පැවති බවටද චෝදනා එල්ලවේ.
ඒ අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවද ලන්ඩන් පොලිස් කොමසාරිස්වරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
බි්‍රතාන්‍ය අග්‍රමාත්‍යවරයා කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට ගත් තීරණ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විවේචන රැසක් එල්ලවූ අතර එම කාලයේදී ඔහු සිය නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් සිය පක්ෂය තුලින්ද විශාල විවේචනයක් එල්ලවී තිබේ.
ඒ අනුව මෙම නව පොලිස් පරීක්ෂණත් සමඟින් ජොන්සන් අග්‍රාමත්‍යවරයාගේ ඉදිරි දේශපාලන ගමනද දැඩි අවිනිශ්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවටද වාර්තාවේ.







