ලලිත් චාමින්ද –
ශ්‍රිලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් දකුණු කොරියාව බලා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් 3,767ක් පුද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිලදි ගැනිම හේතුවෙන් එකි ටිකට්පත් සදහා ශ්‍රමිකයින්ගෙන් රුපියල් මිලියන 122.6ක මුදලක් වැඩියෙන් අයකරගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මින් පුද්ගලික විදේශිය රැකියා නියෝජිතායතන 04ක් විසින් උපයාගෙන ඇති ලාභය රුපියල් මිලියන 94.8කි. ශ්‍රිලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් රුපියල් මිලියන 27.8ක ලාභයක් උපයාගෙන ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පටහැනිව මෙම ගුවන් ටිකට්පත් මිලදි ගෙන ඇති බවද විගණනය මගින් අනාවරණයකොට ඇත. 2023 වර්ෂයේ අගෝස්තු මස 08 වැනිදින දක්වා කාලසිමාව තුළ දකුණු කොරියාව බලා පිටත්ව යන ශ්‍රමිකයින් වෙනුවෙන් මෙම ගුවන් ටිකට්පත් පුද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිලදීගෙන තිබුණි.
ශ්‍රිලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණය අනුව එක් ටිකට්පතක් සඳහා සියයට 01ත් සියයට 7ත් අතර වු උපරිම ලාභාන්තිකයක් තබාගෙන ගුවන් ටිකට්පත් නිකුත් කිරිම කළයුතුය. එහෙත් 2023 වර්ෂයේ දි ශ්‍රී ගුවන්සමාගමේ මිල ගණන්වලට වඩා වැඩි මිල ගණන් යටතේ පුද්ගලික නියෝජිතායතන හරහා ටිකට්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් කටයුතු කරතිබුණි. මේ හේතුවෙන් සමාගම වෙත පෙර වර්ෂයේ උපයාගෙන තිබු ලාභය සියයට 05 සිට සියයට 2.5 දක්වා අඩුවී තිබිම හේතුවෙන් රුපියල් මිලියන 27.1ක අලාභයක් වි තිබුණි.







