සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමාන්ඩෝ කණිෂ්ක බන්ධනාගාරය තුළ දී    සයනයිඩ් දී මරන්න හැදූ කුඩු සළිඳුගේ සැලසුම වැරදුන හැටි…

by editor
අගෝස්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘කොමාන්ඩෝ කණිෂ්ක කුමාර’ සහ ඉමේෂ් චතුරංග නමැති සැකකරුවන් ඝාතනය කිරීම සඳහා යොදා ගැනීමට සඟවාගෙන තිබූ සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට එම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන්   සමත් වුනේය.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ E-4 සිර අංශයේ පසුගිය 17 වැනිදා සිදු කළ සෝදිසි කිරීමකදී මෙම සයිනයිඩ් කුප්පිය සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත් වූහ.

විමර්ශනවලදී හෙළි වන්නේ  මෙම සයිනයිඩ් කුප්පිය බන්ධනාගාරය තුළට පිටතින් ගෙනැවිත්  ඇත්තේ  විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ‘කුඩු සලිඳු’ගේ උපදෙස් මතය.  ඔහුගේ ගෝලයකු වන විමුක්ති නමැත්තා මෙම කටයුතු හසුරුවා ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත.

බන්ධනාගාර ආරංචි මාර්ග කියන්නේ  එම සැකකරු තරිඳු මධුසංක නමැති තවත් සැකකරුවකුට මෙය ලබා දී ඇති බවය.  බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කරන අවස්ථාවේදී  තරිඳු මධුසංඛ නැමැත්තා  සතුව තිබී මෙම සයිනයිඩ් කුප්පිය සොයාගෙන තිබිණි.

ඝාතනය කරන්නට නම් කළ කොමාන්ඩෝ කණිෂ්ක කුමාර සහ ඉමේෂ් චතුරංග නමැති සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය චෝදනා මත අගුණුකොළපැලැස්ස සහ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ මඟින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කළ අය වේ. බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයිනයිඩ්, පරීක්ෂා කිරීමට මෙම පිරිස කටුස්සෙක් අල්ලාගෙන ඌට එන්නත් කර ඇති අතර, එම ස්ථානයේදීම කටුස්සා මියගොස් ඇති බව අනාවරණය වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ඒ අනුව මෙම සයිනයිඩ් විෂ රසායනික ද්‍රව්‍ය සන්තකයේ තිබූ බව කියන තරිඳු මධුසංක නමැත්තාගෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මෙම 06 වැනිදා රැගෙන ආ විමුක්ති නමැති සැකකරු බන්ධනාගාරගත කරන අවස්ථාවේදී සූක්ෂ්ම ලෙස සඟවාගෙන මෙම විෂ රසායනිකය රැගෙන විත් තමන් හට ලබා දුන් බවය.

ඒ අවස්ථාවේදී විමුක්ති විසින් එම සිර වාට්ටුවේ සිටින තවත් සිරකරුවකු පෙන්වා ඔහුට මෙම විෂ රසායනිකය මඟින් ජීවිත හානියක් සිදු කළහොත් තමන්ට රුපියල් 1,000,000 ක මුදලක් ලබා දෙන බව   පැවසූ බවත් තරිඳු මධුසංක නමැති සැකකරුවා බන්ධනාගාර බලධාරීන් හමුවේ පවසා තිබේ.

එහෙත්, ඝාතනය කිරීමට නම් කළ සැකකරුවකු වූ කණිෂ්ක කුමාර නමැත්තා පසුගිය 16 වැනිදා වෙනත් නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒම නිසා ඔහු ඝාතන තැත වැරදී යන්නට ඇති බව බන්ධනාගාර නිලධාරීන් සැක පහළ කරයි.

මේ අනුව අනෙක් සැකකරුද අඟුණුකොළපැලැස්ස බන්ධනාරයේ වෙනත් සිර වාට්ටුවකට මාරුකර යැවීමට බන්ධනාගාර පාලනාධිකාරිය මේ වනවිට කටයුතු යොදා තිබේ. එමෙන්ම සයිනයිඩ් විෂ රසායනික ද්‍රව්‍ය සියල්ලම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න සැක සහිත බැවින් ඒවා සන්තකයේ තිබූ තරිඳු මධුසංක නමැති සැකකරු එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ වෙනම රඳවා තැබීමටද බන්ධනාගාර අධිකාරිය කටයුතු යොදා ඇත.

මියගිය කටුස්සාගේ සිරුර අඟුණුකොළපැලැස්ස පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දීමෙන් පසු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන්ගේ සහය ඇතිව මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇත. ( බුද්ධිකා ඉඹුලාන – දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්…

Next Post

ගංජා වගාවට අවසර දීම ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්! තීරණය වහාම අවලංගු කරන්නැයි දන්වයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.