පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිට අපහාස කරමින් ඇය සමග පැවැත්වූ සම්බන්ධයක් පිළිබඳව සමාජ මාධ්‍යයේ අශ්ලීල පුවතක් පල කළ මිල්ලෙනිය ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි නැමැත්තා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.
ඔහුව අද උදේ බටගොඩ පිහිටි ඔහුගේ නිවසේ දී අත් අඩංගුවට ගෙන තිබිණි.
නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය සමග ලිංගික පැවැත්වූ ලිංගික හැසිරීමක් සම්බන්ධව අතිශයින්ම අසභ්‍ය මෙන්ම සපුරා ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධව පසුගිය 31 වැනිදා නීතිඥ නිලන්ති කොට්හච්චි වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ පරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබිණි.







