අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉමියුනොග්ලොබියුලින් අපරාධයට – කෙහෙළිය අත්අඩංගුවට…

by editor
පෙබරවාරි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත්තේය.

ඒ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරමින් සිටි ඔහු ඊයේ මාලිගාවත්ත අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව අද කුප්‍රකට ඉමියනොග්ලොබියුලීන් අපරාධකාරී ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ය.

අසද උදෑසන 09ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගෙන් පුරා පැය 09ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත් අඩංගුවට ගත්තේය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 31 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා විසින් කෙහෙළියට දන්වා තිබුණේය.

එහෙත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේ නැත.  නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට   පැවසුවේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය ලෙස ඇතුළුවීමට උත්සාහ කළ   කෙහෙළිය රඹුක්වැල්ලට පෙරේදා (31දා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා නියෝගයක්  නිකුත් කළත් ඔහු එම අවස්ථාව හිතාමතා මග හැරිය බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය 31 දා පෙරවරු 9.00ට මහාධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිටීමට සිදුව ඇති බැවින්   අධිකරණ කටයුතුවලින් පසුව එදිනම පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන බව ද කී කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සදහා යෑමට ඇති බැවින් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නොහැකි බව ලිඛිතව දන්වා තිබුණත්  31 දා සවස කිසිම විශේෂ රැස්වීමක් සඳහා ඔහු සහභාගී නොවුන බව ජනාධිපති ලේකම්වරයා ලිඛිතව දැනුම් දි ඇති අයුරු නියොජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට හෙළි කළාය.

ඇමතිවරයාට අද පෙරවරු 09ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නට අධිකරණය නියෝගකරන්නේ ඒ අනුවය.

නීතිය සැමට සමාන බවත්,  ඉමියුනොග්ලොබියුලින් අපරාධය සම්බන්ධව ඇමතිවරයා අත් අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග දියත් කරන ලෙසත් බලකරමින් රටේ විරෝධතා ද ඇති වී තිබිණි.

එවැනි විරෝදයක නිරතවූ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පෙරේදාද පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඊයේ (01) ඇප පිට නිදහස් වූයේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 DAT අනෙක් සෞඛ්‍ය සේවකයින්ට දුන්නොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා… විශේෂඥ වෛද්‍යවරු ජනපතිට දන්වති!

Next Post

වෙන් වූ අතක් යළි සවි කරමින් මහනුවර මහ රෝහලේ දී  බෝසත් වෙදවරු කළ  විශිෂ්ට සැත්කම…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.