සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘඩියා සෙලනිකා ගස් තවත් තියනවා කිව්වම මට බනිනවා…

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂලෝමි  ක්‍රිෂ්ණරාජා

by editor
මාර්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
    • ගස් තියන තැන් කිව්වා.. උද්භිද උද්‍යානයේ  සංරක්ෂිත ගස් පෙන්නුවා… ඒත් දාරළුවෙ තියෙන්නෙ ලෝක තියන එකම ගහලු…

    • දැන් මේ කෘඩියා සෙලනිකා ගස්වලට තර්ජනයක් නෑ… පරිසර පද්ධතිවලම ඒ ශාඛ තියනවා. උද්භිද උද්‍යානයක සංරක්ෂණය කරලා තියනවා…

    • මේක අහලා තරහා ගන්න එපා… දැන් ඔය දාරළුවේ ගහට කැමති දෙයක් කරන්න පුලුවන්..

     

    1864 දී ලංකාවෙන් වඳ වී ගිය බව කී කෘඩියා සෙලනිකා ශාඛය  රතු දත්ත පොතට එක් කර තිබිය දී  2019 වසරේ දාරළුවෙන් යළි සොයා ගත්තේය. විශේෂත්වය වන්නේ ඒ වනවිටත් වසර ගාණනක් තිස්සේ   ගම්පහ උද්භිද උද්‍යානයේම එවැනි ශාඛ දෙකක් කාටත් නොපෙනී තිබුණු බව දැන්   උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවම පිළිගැනීමය.

     අනතුරුව සොයා බැලීම් වලදී තහවුරු කරගත් විශාල කෘඩියා සෙලනිකා  ශාඛ 6යක් හමුවූ බව   ගම්පහ උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුචිනි ගෝමස් මාධ්‍යයට ප්‍රකාශ කළාය.  ඇයට අනුව කොරසෙ දොරණගොඩ ගසක්, උඩුගම්පල හෙන්ඩිමුල්ල ගසක් සමග පැල දෙකක්, ගම්පහ උද්භිද උද්‍යානයේ විශාල ගසක්, මගලෙගොඩ දඩගමුව පන්සල ආසන්නයේ ගසක්, මීගමුවෙ දාගොන්න ප්‍රදේශයේ ගසක්, කඩුවෙල ගසක්  සහ දාරළුවෙ මහ ගහ ආශ්‍රිතව   තවත් ගස් දෙකක් ස්වභාවික පරිසරයන්  හමු වී ඇත.  දැන් ගස් පනහකට ආසන්න ප්‍රමාණයක් පැල කරගෙන තිබේ. එම ශාක ගම්පහ සහ පේරාදෙණියේ ඇත.

    දාරළුවේ පඬු කරඳ ගස මහණ කර, සාංඝීක කර, අනතුරුව රැක ගැනීම සඳහා  උද්ඝෝෂණ කර, හිටපු ජනාධිපතිවරුන් පවා ගස මුලට ගෙන්වා කී කතාව දැන් තව දුරටත් වලංගු ද?. මේ ගස ලෝකයේ එකම එක ගස නොවේ නම් තවත් එවැනි ගස් බුරුතු පිටින් වේ නම් දැන් මේ ගස සම්බන්ධව විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව ගත යුතු පියවර කුමක් ද?.  ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂලෝමි  ක්‍රිෂ්ණරාජා සමග කළ මේ සාකච්ඡාවක් පෙළ ගැසෙන්නේ එවැනි පසුබිකය.

    RelatedPosts

    ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

    මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    දාරළුවේ පඬු කරඳ ගස 
    • උද්භිද උද්‍යානයක තියන ශාඛ ලයිස්තුවක් තියනව ද?

    ඔව්… ශාඛ ලයිස්තුවක් තියනවා. රතු දත්ත පොතට යන හැම ශාඛයක්ම උද්භිද උද්‍යානයෙ සංරක්ෂණය කරනවා.

    • කෘඩියා සෙලනිකා ගස්  ලෝකයෙන් වඳ වෙලා කියල රතු දත්ත පොතේ 2007 වනවිටත්  සටහන් වෙලා තියනවා.  ගම්හප උද්භිද උද්‍යානයේ දැන් තියනවා කියලා හඳුනාගෙන ඇති ශාඛ දෙක ඒ වන විට හඳුනාගෙන තිබුණෙ නැත්තෙ ඇයි? 

    නැහැ…. ඔය වකවානුවේ මේ ශාඛ හඳුනගෙන තිබුණෙ නෑ. ගම්පහ උද්භිද උද්‍යානය කලින්ම ආරම්භ කරන්නේ රබර් වගාවක් විදිහට. දිගටම තිබිලා තියෙන්නෙ රබර්. ගස් තුන්දාහක් හාරදාහක් විතර විශාල ප්‍රමාණයේ රබර් වගාවක් තමයි තිබුණෙ මුල්ම වකවානුවෙ. රබර් කිරි කැපීම, රබර් නිශ්පාදනය, කිරි කැපීමේ කාල වකවානු සම්බන්ධව පරීක්ෂණ කළ තැනක් තමයි මුලින්ම හෙරනත්ගොඩ උද්භිද උද්‍යාන පරිශ්‍රය.

    මේ කර්මාන්තය පැතිරලා ගියාට පස්සේ මෙම උද්‍යානය ඕකිඩ් වර්ග සම්බන්ධව පරීක්ෂණ කරන මධ්‍යස්ථානයක් බවට පත් වුණා. මල් වගාව පැත්තට බර උනා. පස්සෙ තමයි සංරක්ෂණ පැත්තට යොමුවුනේ. මෙය තමයි ගම්පහ උද්භිද උද්‍යානයේ අති සංක්ෂිප්ත ඉතිහාසය.

    දැන් මේ කෘඩියා ගස් දෙක ගැන ඔබ අහනවා.  මැදින් ඇල්ල කියලා ඇලක් තියනවා උද්භිද උද්‍යානය මායිමෙන් ගමන් කරන. ඒ ඇල අත්තනගල්ල ඔයේ කුඩා අතු ඇලක්. ඒ ඇල දිගේ ආපු ඇට වලින් ඉබේම මේ භූමියේ මේ ගස් දෙක පැල වෙලා තියනවා. ඉබේ පැලවුණු මේ ගස් දෙක ගැන කිසිම විද්වතෙකුගේ විශේෂ අවධානයක් යොමුවෙලා තිබුණෙ නෑ.

    නමුත් 2019 දි මේ ගස් තුන ගැන දැනගන්න ලැබුණා. ඊට පස්සේ මේ ගස් ගැන විශේෂ අවධානයක් සහිතව සොයන්න ගත්තා. එතකොට තමයි ගම්පහ උද්භිද උද්‍යානයේ තිබුණු මේ කෘඩියා ගස් දෙක ගැන අවධානය යොමු වුනේ.  ස්වභාව ධර්මය විසින්ම ඒ ගස් දෙක සංරක්ෂණය වෙලා තිබුණා. අප ඒ ගස් දෙක කෘඩියා සෙලනිකා බව තහවුරු කරගෙන සෑහෙන කාලයක් බලාල තමයි එහි නාම පුවරු ගැහුවෙ.

    දැන් කෘඩියා සෙලනිකා පැල ක්ෂේත්‍රයෙන්  ගෙනත් තියනවා. පැල හදලා තියනවා.  දැන් ගම්පහ උද්භිද උද්‍යානයේ පමණක් පැල 50ක් විතර තියනවා.

    • රතු දත්ත පොත යාවත් කාලීන වෙන්නෙ කොහොම ද?. මේ ගස  ගැන රතු දත්ත පොතේ වාර්තා මොනව ද?.

    2007 අවුරුද්දේ රතු දත්ත පොතෙත් මේ කෘඩියා ශාඛය වඳ වෙලා කියලා තමයි කිව්වෙ. රතු දත්ත පොතේ ගොඩක් වෙලාවට තියෙන්නෙ ශාඛාගාරයේ තියන දත්ත ටික විශේෂඥ උද්භිද විද්‍යාඥයන් එකතු වෙලා විශ්ලේෂණය කරලා තෝරා ගන්නා දත්ත සමුච්ඡයක්.  මූලිකව මේ ගහ 1864 දි මේ ගස කළුතරින් සොයාගෙන තිබෙන්නේ අපේ උද්භිද උද්‍යානයේම විද්‍යාඥයෙක්. ඒ ගහ හොයාගන්නෙ කළුතරින්. කළුතරින් හොයා ගත්තු ඒ ගහ මැරිලා ගියාම ඔවුන් එය සටහන් කරලා තියෙන්නෙ එම ශාඛය  වඳ වෙලා කියලා.

    සාංඝීක කළ දාරළුවේ කෘඩියා සෙලනිකා ශාඛය

    2019 දි යළි හම්බෙවනවා අවුරුදු 100කට පස්සේ.  දාරළුවෙදි තමයි හොයා ගන්නේ. ඊට පස්සෙ ඒ සම්බන්ධව කරන පුලුල් ගවේෂණයෙන් පස්සෙ තමයි අපිට හම්බවෙන්නේ අනෙක් ගස්. ඒ ගවේෂණයේම ප්‍රතිඵලයක් ලෙසයි ගම්පහ උද්භිද උද්‍යානයෙ තියන ගස් දෙකත් හඳුනා ගන්නේ.

    • කවුද දාරළුවේ පඬු කරඳ ගස් හොයා ගන්නෙ?

    දාරළුවෙ ගහ හොයා ගත්තෙ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙ පරීක්ෂකයො පිරිසක්.     මේ ස්ථානයේ දුර්ලභ ගස් තුනක් තියනවා කියලා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය එතෙන්ට ගියා  ශාඛා ගාරයේ කාර්ය මණ්ඩලයත් එක්ක. එතනදි මේ ශාඛයේ මූලික හඳුනා ගැනීම් කරලා එය තහවුරු කරගන්න ශාඛයේ අත්තක් අරන් ඇවිත් එය පැල කරලා මල් පිපෙන කම් නිරීක්ෂණය කරනවා.  මල් පිපුනාම තමයි හරියටම හඳුනාගැනීම සිදු වන්නේ මේ කෘඩියා සෙලනිකා ශාඛය කියලා.

    • මේ ශාඛය මුල් කරගෙන රටේ  ලොකු උද්ඝෝෂණයක් ආවා. ගස් මහණ කළා. සත්‍යග්‍රහ කළා. අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කළා. මේ තරම් දෙයක් වෙනකම් ඇයි නිහඬව හිටියෙ. ඇයි ඔබ ඔය කියන ඇත්ත නිවැරදිව සමාජගත කරන්න බැරි උනේ…  

    මොනතරම් කිව්ව කියලද හිතන්නෙ.  මේක හරිම වැඩක්. කොච්චර කිව්වත් කවුරුත් අහන්නෙ නෑ නෙ. මේ ඇත්ත කියනකොට  එකතු වෙලා මට බනිනවා නෙ.

    මම කිව්වා අපේ ගම්පහ උද්භිද උද්‍යානයේ මේ ගහ සංරක්ෂණය වෙලා තියනවා. එහි පැල තියනවා කියලා කියලා.    දෙයියනේ ගහත් පෙන්නුවා. ඒත් කවුරුත් මේක බාර ගන්නෙ නෑ නෙ. මම මෙච්චර කියද්දිම මේ අය කියන්නෙම  එකම ගහයි තියෙන්නෙ කියලානෙ. ගම්පහ උද්භිද උද්‍යානයෙ තිබ්බට   වයසට ගිය ගස් තියෙන්නෙ මෙච්චරයි. ලොකුම ගහ මේකයි කිය කියනවා. ඒව ඔක්කොම වැරදියි…

    මේක තේරුම් ගන්න ඕන. දුර්ලභ වීම නම් තියන වටිනාකම ස්වභාධර්මය විසින්ම මනාකොට සංරක්ෂණය කරපු ගස් දෙකක් තියනවා ගම්පහ උද්භිද උද්‍යානයෙ. අපි හොයා ගත්තු ගස් ගණනාවක් ස්වභාවික පරිසර පද්ධති තුළ තියනවා. ඒ හැරෙන්න බෝ කරගත් ගස් තියනවා පනහකට වැඩිය.

    මේ ගසෙන් පසට නයිට්‍රිජන් ලැබෙනවා. වායුගෝලයට ඔක්සිජන් ලැබෙනවා. වෙන ආහාරයට ගන්න දෙයක් නෑ. දැන් මේ ගසේ වාණිජ වටිනාකම බලනවා නම් ඒ දරට.

    සංඝයාවහන්සේ වැඩම කර ගස පැවැදි කළ අයුරු
    • කෘඩියා සෙලනිකා ශාඛය වඳ වී ඇති බව කිව්වේ අවුරුදු 100ක ඉඳලා. අවුරුදු 100ක් ගතවන තුරුත් ඇයි මේ ගස ගැන විශේෂ  පරීක්ෂණයක් කළේ නැත්තේ.?  

    ඔව්.. ගස වඳ වී ඇති බව කිව්වෙ 1900ට කලින් ඉඳන්. මේක දරවලට විතරක් ගන්න ශාඛයක්.   ජන ජීවිතයට වෙනත් විශේෂ ප්‍රයෝජනයක් නැති ශාඛයක්. ඒ නිසයි මේ ගස ගැන හොයන්න උනන්දුව    අඩු වුනේ.  ආර්ථික විටිනාකමක් නැති ගහක් ගැන මිනිස්සු ඒ තරම් වද වෙන්නෙ නෑ. හැබැයි මේ ගස හමු උනාම ඒ ගැන හොයන්න ගත්තා විශේෂ උනන්දුවකින්. එතකොට තමයි ස්වභාවික පරිසරයෙ තිබිලා මේ ශාඛ හයක් දැනට හම්බවෙන්නේ. මා විශ්වාස කරනවා තවත්  ඇති කියලා.

    • මේ ගස නිසා මාර්ගය වෙනස් කරනවා නම් ලක්ෂ 86000ක් යන වග රජය කියනවා.    ඔබ ප්‍රමාණික විශේෂඥ උද්භිද විද්‍යාඥවරියක් ලෙස දැන් යෝජනා කරන්නෙ මොකක් ද?. මේ ගහට කුමක් කළ යුතු ද?

    මගේ පුද්ගලික අදහස කිව්වොත්  සිද්ධ වෙන්නේ මට තියන ප්‍රශ්න වැඩි වෙන එක විතරයි. ඒ හින්දා මට මේ සම්බන්ධව නිල වශයෙන් දෙන්න පුලුවන් උත්තරය කියන්නම්.   2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ( සංශෝධන) පනත යටතේ මේ ශාකය ගැන ක්‍රියා කිරීමේ බලය තියෙන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට.  එයාට තීරණය කරන්න පුලුවන් මොකක්ද මේ ගහට කරන්නෙ කියලා.

    මගේ අදහස තමයි මම මේ ගහ සංරක්ෂණය කරලා තියනවා. පරිසරයෙන් මේ ගස් හොයාගෙන තියනවා. අපි මේ ටික කාලයට ගම්පහ අවටින් ගස් 08ක් සොයා ගත්තා. ඊට අමතරව හැන්ඩිමහර තියන ගසේ විශාල බීජ ප්‍රමාණයක් තියනවා. අපට ඒ ඇට මෙහි පැල කරන්නත් පුලුවන්.  ඉතාම පැහැදිලිව  ඉස්සරහට මේ ගහට තර්ජනයක් නෑ. දැන් ලෝකෙ තියන එකම ගහත් දාරළුවෙ තියන ඔය  කෘඩියා සෙලනිකා ගහ නොවෙයි.

    මෙහෙම කිව්වට තරහ ගන්න එපා. දැන් ඔය ගහට ඕනම දෙයක් කරන්න පුලුවන්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් සිසුවා මරා දැමු සැක කරුගේ නිවසට ගිනි 

Next Post

පාස්කු වාර්තාව අසම්පූර්ණයි…. කාදිනල් හිමියෝ කියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.