-
අපනයන නන්වන්න කතා කියන රටේ ඇත්ත තත්ත්වය මෙන්න…
කුරඳු ඇතුළු ආහාර කීපයක් චීනයට අපනයනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට අවශ්‍ය නම් තමාට චීන සංචාරයක් සූදානම් කර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ අධ්යක්ෂවරයා අපනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි අපනයනකරුවන්ගේ සංවිධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආහාර ද්‍රව්‍ය අපනයනය කිරිමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින ආහාර පාලන ඒකකයෙන් අදාල ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහතිකයක් මාර්ගගත ක්‍රම ට මගින් අදාල රටට ඉදිරිපත් කළ යුතු නමුත් මෙම අධ්යක්ෂවරයා එම කටයුතු නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් මේ වන විට කුරුඳු ඇතුළු ආහාර වර්ග කීපයක්ම චීනයට යවා ගත නොහාකි වී ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි.
තමන්ට ආහාර පාලන ඒකකයෙන් මෙම සහතික ලබා ගෙන චීනයේ ලියා පදිංචිය ලබා ගැනීමට මාස ගණනාවක්ම බලා සිටීමට සිදු වී ඇති බව පසුගියදා අපනයනකරුවන් ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.
මෙහි පිටපතක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාටද ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් ලබා ගැනීමට නොහැකි වි ඇතැයි සංගමය පෙන්වාදේ







