සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පැන්න දොස්තරලා 705ක් රටට නොගෙවා පැහැර හැරිය කෝටි 116ක බැඳුම්කර සහ දඩ මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය අය කරගෙන නෑ….

by editor
ඔක්තෝබර් 25, 2025
in පුවත්
migration-overseas-doctors_
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

  • විගණනය හෙළි කරන තවත් දුක හිතන කතාවක්… වැටුප් සහිතව විදේශ අධ්‍යයනයන්ට ගිය දොස්තරලා 204ක් රටට ඇවිත් නෑ…  වැටුප් රහිතව ගොස්  විදේශවල“ගල් වුන” දොස්තරලා ගණන  480ක්… 

  • මෙම වෛද්‍ය නිලධාරින් රජයට ගෙවියයුතු  ඇප මුදල් හා දඩමුදල්  නොගෙවා සිටීමට කළ හැකි හැම දේම කරනවා… විගණනය අනාවරණය කරයි…

විවිධ  අරමුණු වෙනුවෙන් විදේශගතවු වෛද්‍ය නිලධාරින් 705 දෙනෙකුගෙන්  ගිවිසුම් කඩකිරිම හේතුවෙන් අයවිය යුතු රුපියල්  එකසිය පහළොස්  කෝටි, හැටපන් ලක්ෂ,හැට දෙදහස් එකසිය දහනමයක  (1,156,562,119)   බැදුම්කර  මුදල් හා දඩ  මුදල්  අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර  නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙකී මුදල්  කඩිනමින් අයකර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඉකුත් වර්ෂයේ (2024)  ඔක්තෝබර් මස  31 දින වන විට  වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන  විදේශගතවු වෛද්‍ය නිලධාරින් 204 දෙනෙකුගෙන්  අයකර ගැනීමට  ඇති බැදුම්කර හා දඩ මුදල රුපියල්  හැට නව කෝටි, පනස් දෙලක්ෂ, විසිපන් දහස් දෙසීය නවයකි.

(695,225,209) වැටුප් රහිත නිවාඩු ලබාගත්  වෛද්‍ය නිලධාරින්  480 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල හතලිස් හතර කෝටි, හතලිස් දෙලක්ෂ, අසු අට දහස් දෙසිය හැට අටකි (444,288,268) කි.

වැටුප් සහිත සහ  වැටුප් රහිත යන නිවාඩු වර්ග දෙකම  ලබාගත් වෛද්‍ය නිලධාරින් 08 දෙනෙකුගෙන් බැදුම්කර හා දඩ මුදල වශයෙන් රුපියල් හැට දෙලක්ෂ, පනස් තුන් දහස්, නවසිය හතලිස් එකක මුදලක් (6,253,941)  අයවීමට ඇති අතර  වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත්  කාලත්‍රයා සමග විදේශගත වීම සඳහා  වැටුප් රහිත නිවාඩු ලබාගත්  වෛද්‍ය නිලධාරින් 13 දෙනෙකුගෙන් රුපියල්  එක්කෝටි හත් ලක්ෂ, අනු හතර දහස් හත්සිය එකක මුදලක් (10,794,701) අයවීමට ඇති බවද  විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට  අදාළ පුහුණුව සඳහා  සහ විදේශීය රැකියා මෙන්ම  අනෙකුත් හේතුමත  විදේශගතවන වෛද්‍ය නිලධාරින්  සේවයෙන් ඉවත්ව යාමේ  සේවය අත්හැර යාමේ  සැලකිය යුතු වර්ධනයක් දක්නට  ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම වෛද්‍ය නිලධාරින් රජයට ගෙවියයුතු  ඇප මුදල් හා දඩමුදල්  නොගෙවා සිටිමේ  ප්‍රවණතාවයක් දක්නට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 

Share69Tweet43
Previous Post

කුරුඳු චීනයට යවන්න සෞඛ්‍ය සහතිකය දෙන්න නම් චීන සංචාරයක්  දෙන්න… සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර පාලන ඒකකයේ ලොක්කා අපනයනකරුවන්ගෙන් අල්ලස් ඉල්ලලා…

Next Post

මන්ත්‍රී ජගත් විතානට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස මහජන ආරක්ෂක ඇමති පොලිස්පතිට දන්වයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.