ශ්‍රියානි විජේසිංහ –
කෘමී හානි සහිත ධාන්‍ය ටොන් 4කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ කුරුණෑගල ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලා මුද්‍රා තබා ඇත.
මෙහි බඩ ඉරිගු කිලෝ 27142ක්, සෝයා ඇට කිලෝ 9193ක්, සහල් කිලෝ 3620ක් හා මුංඇට කිලෝ 2320ක් තිබු බව වටලීම කළ නිලධාරින් සඳහන් කරයි.
සාම්පල රස පරීක්ශක වෙත යොමුකිරිමෙන් අනතුරුව කෘමී හානි බවට තහවුරු කර කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිර්පත් කිරීමෙන් පසු වරද පිළිගත් විත්තිකරුට රුපියල් 50 000 ක දඩ නියම කර තිබේ.
මිනිස් පාරිභෝජනයට නුසුදුසු කිලෝ 42275ක් වූ ධාන්‍ය තොගය විනාශ කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහගේ මග පෙන්වීමෙන් හිරිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුශ්ක රත්නායක සමග චන්දිම හේරත් මදුශාන් වර්ණකුලසූරිය යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලීමට සහභාගී වී තිබේ..







