බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුණෑගල ඓතිහාසික රාජසභා මණ්ඩපය කඩා අවුරුද්දයි… අපරාධකාරයින්ට දඬුවම් ඉල්ලා උද්ඝෝෂණයක්..

by editor
ජූලි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමා වසරක කාලයක් ඉකුත්ව ගිය මුත් එය සිදු කළ අපරාධකරුවන් කිසිදු දඬුවමක් ලබා දීම ට රජය අපොහොසත් වීම පිළිබඳව සහ ඓතිහාසික උරුමයන් විනාශ කරන අපරාධකරුවන් රාජ්‍ය විසින් ආරක්ෂා කිරීම හෙළාදකින බව සඳහන් කරමින් අද (16) කුරුණෑගල කඩා දමන ලද රාජසභා මණ්ඩපය ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විනි.
පුරාවස්තු සුරැකීමේ සංවිධානය හා එක්ව ජනතා විමුක්ති පෙරමුණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.

මෙහි දී පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි මෙලෙස අදහස් දැක්වීය .

” මේ රාජ සභාව සභා මණ්ඩපය කඩාබිඳ දමලා අදට හරියටම මාස 12 ක් වෙනවා . මේක කඩා දැම්මේ කුරුණෑගල නගරාධිපති. එහෙත් ඔහු ආරක්ෂා කිරීම අගමැතිවරයා දිගින් දිගටම සිදු කරමින් යනවා.

අගමැතිවරයා කොමිෂන් දමමින් මේක මගහැරියා. ජනතාවගේ අවධානය වෙනතකට යොමු වූවාට පසුව තමයි එතුමා කොමිසන්සභා පත් කරමින් පත්කරමින් ගියේ.
එතුමාගේ දේශපාලන පරිණතභාවය සට කපටිකමින් ඉතාමත් දක්ෂ ලෙස මෙවැනි දේ හැසිරවීම පිළිබඳව යෙදවීම පිළිබදව ජනතාව දැන් ඉතාමත් හොඳින් දැනුවත් වෙලයි ඉන්නෙ .

මෙවැනි නීති විරෝධී කටයුතු කරන නගරාධිපතිවරයා ආරක්ෂා කිරීමට තක්කඩි තීරණ ගැනීමට අගමැතිවරයා සහ ජෝන්ස්ටන් ක්‍රියාත්මක වුණා. එවැනි අපරාධ කරුවන්ට පොලිසිය ගිහින් කේක් කවලා උපන් දිනය සැමරුවා .

මෙවැනි ස්ථාන වලට බැකෝ යන්ත්‍රයක් තබා උදළු තලයක් වත් ගහන්න බැරිතරම් නීතියක් මේ රටේ තියෙනවා . නමුත් ඒවා ඇයි ක්‍රියාත්මක නොවෙන්න . අපි අහන්නේ මෙවැනි රත්තරන් භූමි එතනෝල් ව්‍යාපාර කරන්න යොදා ගැනීමට ඉදිරියේ සූදානමක් තිබෙනවා ද යන්නයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න ද අදහස් දැක්වීය .

” මේ පුරාවිද්‍යා ස්මාරකය කඩා දාලා අදට අවුරුද්දයි. කුරුණෑගල ජනතාවගේ ඡන්දයෙන් අගමැති ධූරයට පත් වෙච්ච අගමැතිවරයා සංස්කෘතික අමාත්‍යවරයා ව සිටියදී තමයි මේ විනාශය සිද්ධ වුණේ. “

“මේ රාජ සභා මණ්ඩපය කඩා දමන්න වියදම් කරලා තියෙන්නෙත් රජයේ සල්ලි . කඩාදැමීම සොයා බලන්න වියදම් කරපු කොමිෂන් සභාව පත් කළෙත් රජයේ සල්ලි. විනාශ වීම පිළිබඳව ඇස්තමේන්තු කරලා නැවත සකස් කරන්න තීරණය කළෙත් රජයේ මුදල් වලින් .“

“නගරාධිපතිවරයා ඇතුළු අපරාධ කරුවන්ගේ නඩු ගාස්තු ගෙවීමට වියදම් කරන්නෙ රජයේ මුදල්.“

“වසරක කාලයක් පුරාවට මෙම ස්ථානය ආරක්ෂා කරන පොලිසියේ පඩි , ඕටි බටා ගෙවන්න වියදම් කරන්නෙත් රජයේ මුදල් . අද මේ ගොඩනැඟිල්ල ඇද ගහලා. ලී දඩු වේයො කනවා. අපිට පෙනී යන්නේ ස්වභාවිකවම සාක්ෂි විනාශ වෙන්න ඉඩ හැරලා ඇති බවයි“. යැයි කරුණාරත්න මහතා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිළිස්සීමකට ලක් වූ, රිෂාඩ් බදූර්දීන්ගේ නිවසේ මෙහෙකාර දැරිය මියයයි

Next Post

කොවිඩ් වරද්දන නවලෝකයට සෞඛ්‍ය ලොක්කන්ගේ විශේෂ ආදරයක්…සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.