වසර 88 කට පසු රාජපක්ෂ පවුලේ කිසිවෙක් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය කිරීම සඳහා සිය නියෝජනයක් ඉදිරිපත් කර නැත.
මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා තරග වදින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කණ්ඩායමේ නායකත්වය දරන්නේ හිටපු විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානකය.
හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙවර මහ මැතිවරණයේදී කිසිම දිස්ත්‍රික්කයකින් තරග වදින්නේත් නැත. ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස නම් කර තිබේ .
1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඩී.එම්.රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය ආරම්භ කර අතර ඉන්පසු ඩී.ඒ.රාජපක්ෂ ,ලක්ෂ්මන් රාජපක්ෂ ,ජෝර්ජ් රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ,නිරූපමා රාජපක්ෂ සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයන් ලෙස වරින්වර ඉදිරිපත් වූහ .
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙවර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉදිරිපත් වුවද ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු නොවේ. – (ලංකාදීප – පද්මසිරි ගාර්දියවසම්)







