බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණු පොහොර ගෙනා චීනා  බෙල්ල මිරිකයි!. ඩොලර් අර්බුදය මැද තවත් මරාලයක්…

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත්  බලපෑම් කරන චීන මැරයන් එක්ක රටේ  ප්‍රබලයින් කීප දෙනෙක්...  

by editor
නොවැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ දැවැන්ත ඩොලර් අර්බුදයක් පවතිද්දී ව්‍යාධිජනක හේතුවෙන් ප්‍රතික්ෂේපිත, බලහත්කාරයෙන් මෙරටට ගෙනා චීන කාබනික පොහොර හේතුවෙන් සිදුවූ ඩොලර් මිලියන 8ක පාඩුව හවුලේ විඳීමට ශ්‍රි ලංකාවට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම පොහොර නිෂ්පාදනය කර මෙරට එවූ ක්වින්ඩාවෝ  සීවීන් බයෝටෙක් සමාගම  එක් අතකට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අනෙක් අතින් රජයට සිදු කරන දැඩි බලපෑම මත මෙම පොහොර නැව යළි රැගෙන ගොස් මෙරට අපේක්ෂා කරන ආකාරයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල පොහොර ගෙන ආවොත් සමාගමට සිදුව ඇති පාඩුව ශ්‍රි ලංකා රජය හවුලේ විඳීමට එකඟතාව පළ කර ඇති  බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ චීන පොහොර සමාගම දිගින් දිගටම චීන තානාපති කාර්යාලය හරහා සහ තනිවම කෘෂිකර්ම අමාත්‍යංශයට සිදුකරන දැඩි බලපෑම හමුවේ බව සඳහන් වේ.

මෙම සමාගම මීට දින කිහිපයකට පෙරද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂටත් ලිපියක් එවමින් බලකර ඇත්තේ ඔවුන්ට මෙම පොහොර සඳහා අවශ්‍ය වන මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 8න් මිලියන 5.6ක් එනම් සියයට 70ක් සමඟ නැව් ගාස්තු ලෙස ඩොලර් මිලියන 36ක් ඇතුළුව  ඩොලර් මිලියන 41ක් ගෙවිය යුතු බවය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මීට අමතර ව චීන පොහොර සමාගම විසින් යොදන ලද තවත් කොන්දේසියක් වන්නේ මෙම පොහොර තොගය ශ්‍රි ලංකාව ප්‍රතික්ෂේප කළේ ආනයන බලපත්‍රයකින් තොරව ව මෙරටට ගෙන්වීම හේතුවෙන් පමණක් බවත් එහි ව්‍යාධිජනක පැවතීම හේතුවෙන් නොවන බවත් ප්‍රසිද්ධ නිවේදනයකින් රජය මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බවය.

මෙම දැඩි බලපෑම හමුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ දැඩි ස්ථාවරයක සිටියද ඔහුට ද තවත් යම් යම් බලපෑම්වලට යටත්ව ක්‍රියා කිරීමට සිදුව  ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට හේතු වී ඇත්තේ මෙම පොහාර ගෙන්වීම පසුබස තවත් රටේ ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනකුද ගැවසීම බව පැවසෙන අතර කෘෂිකර්ම අමාත්‍යවරයා මේ සඳහා ප්‍රතිචාරයක් ලෙස සිදුව ඇති පාඩුව හවුලේ විඳීම කළ හැකි බවත් ඊට පෙර පොහොර තොගය යළි චීනයට රැගෙන ගොස් නියමිත ප්‍රමිතීන්ට අනුකූල පොහොර තොගයක් යළි මෙරටට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් පවසා තිබේ.

කෙසේ වුවද භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදේශ සංචිත සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටින ශ්‍රි ලංකාවට මේ වනවිටත් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය අහාර  ද්‍රව්‍ය ගෑස් ඇතුළු භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමාණවත් තරමින්වත් ඩොලර් ලබා දීමට නොහැකි තත්ත්වයක  පවතින අතරේ ප්‍රතික්ෂේපිත පොහොර තොගයක් වෙනුවෙන් ඩොලර් මිලියන 44න් යම් ප්‍රතිශතයක් හෝ ගෙවීමට සිදුවුවහොත් එය විශාල අපරාධයක් වනු ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර පාරට උඩින් කඩා හැලෙන්නට යන පහළ කඩුගන්නාව කන්ද තහවුරු කරන මෙහෙයුම!

Next Post

මන්නාරම පෘතුගීසි කොටුව අසල දී තවත් සෙල්ෆි මරණයක්…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.