දිනසේන රතුගමගේ
මන්නාරම පෘතුගීසි කොටුවට නුදුරින් පිහිටි පාලමක් මත සිට ඊයේ (13) සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි කාන්තාවක් මුහුදට වැටී මියගොස් තිබේ.
ඇය මුහුදට වැටීමෙන් පසුව ඈත දියඹට ගසාගෙන ගොස් තිබූ අතර පසුව ඇගේ මළ සිරුර මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ.
මියගිය කාන්තාව කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෘත ශරීරය මන්නාරම රොහල වෙත රැගෙන ගොස් ඇත.
මන්නාරම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.