බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු සළිඳු එක්ක ඩීල් දමා පොලිසියටත් නෝන්ඩි වූ පොලිස් ලොක්කෙක්  රටට ගෙන්වන සළිඳු ගැන පරීක්ෂණ තමන් යටතට ගැනීමේ උත්සාහයක…

by editor
මාර්තු 12, 2023
in පුවත්
salindu
Share on FacebookShare on Twitter

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගන්නා ලද රටේ ප්‍රධාන සහ  ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු යන අපරාධකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් පවත්වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත් නොකර වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතට පත් කිරීම සඳහා ප්‍රයත්නයක් ජ්‍යෙෂ්ඨ පොලිස් ලොක්කෙකුගේ බලපෑම මත  මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර  ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම විමර්ශන තමන් යටතට ගැනීමට  කැස කවන පොලිස් ලොක්කා  කුඩු සළිඳු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වනු ලැබූ පුද්ගලයෙක් යැයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවය.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියා කුඩු සළිඳු නැමැත්තා සමඟ පවත්වන සමීප සම්බන්ධතා ඔවුන් අතර හුවමාරු වූ දුරකථන ඇමතුම් වාර්තා අදාළ අංක සමඟම අනාවරණය වී ඇති බවත් මේ සියලු තොරතුරු බුද්ධි අංශ ගණනාවක් ඉහළ පෙළේ නිලධාරීන් වෙත වාර්තා කර ඇති බවත් සඳහන් වේ.

මෙම ආරංචි මාර්ග සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට  මෙම අපරාධකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පත් නොකොට පොලිස් ලොක්කාට    හිතවත් පොලිස් නිලධාරියෙක් වෙත විමර්ශන ලබා දී  සළිඳු හා සම්බන්ධ තමන්ගේ  ජාවාරම් පිළිබඳ  සියලු තොරතුරු යටපත් කිරීම හෝ එම ප්‍රධාන සාක්ෂිය විනාශ කිරීමට සූදානම් බවය.

කෙසේ වුවද මේ වනවිට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් ද සහිත සිව් දෙනකුගේ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරයට ගොස් සිටින අතර  හරක්කටා සහ කුඩු සළිඳු  ඉදිරි පැය 48 තුළ ශ්‍රි ලංකාවට ගෙන ඒමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට මැඩගස්කර රාජ්‍යය සමඟ ඊට අදාළ නිල මට්ටමේ ලිපි ලේඛන සැකසෙමින් වතින අතර ශ්‍රි ලංකාවට ඔවුන් රැගෙන ඒමෙන් පසු අදාළ විමර්ශන  ආරම්භ වනු ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රි ලංකාවේ   මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධද ප්‍රධාන අපරාධකරුවෙක්    විසින් ලබා දෙන තොරතුරක් මත ජාත්‍යන්තර රතු නිවේදන සහිත ව සිටි හරක් කටා පසුගියදා මැඩගස්කරයේ සිට වෙනත් රටකට ගමන් කිරීම සඳහා ගුවන් තොටුලට පැමිණි අවස්ථාවේ දී  අත් අඩංගුවට ගැනුණි.

කුඩු සළිඳු ඇතුළු තවත් අට දෙනකු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත් වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ට සියල්ලෝ දැවෙති… නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක්!

Next Post

කලට අස්වනු නෙලා ගැනීමේ ගැටලුවක්… මහවැලි ගොවීන් තවත් අර්බුදයකට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.