සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු කෙළි හා බැඳුන බව පෙනුන හිටපු රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය ඝාතන විමර්ශනය යට ගියේ ඇයි?

by editor
නොවැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ  සැප්තැම්බර් (23) රාත්‍රියේ   ගාල්ල ඩික්සන් හන්දියේ දී විදුලිබල හා බල ශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති  රෙදි පිළි ව්‍යාපාරිකයක්වන ලලිත් වසන්ත මෙන්ඩිස් (60)   වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මේ වනවිටත් නිශ්චිතව විසඳී නැති අපරාධයක් බව වාර්තා වේ.

ගාල්ලේ විශාලම නිමි ඇඳුම් අලෙවි සලේ හිමිකරුවන ඔහු සිය ව්‍යාපාරික ස්ථානයෙන් පිටත්ව    මොටර් රථයෙන්    නිවස බලා යමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූයේය. ඝාතනය වූ ලලිත් වසන්තට මෙන්ඩිස්ට T56 ගිනි අවියකින් වෙඩි වරුසාවක් තබා තිබුණු අතර වෙඩි උණ්ඩ 15කට අධික සංඛ්‍යාවක් ඔහුගේ සිරුරට ඇතුළු වී ඇති බව පොලිස්පරික්ෂණවලදි අනාවරණය වූයේය.

වෙඩි වැදුන වාහනය…

ඔහුව ලුහුබැඳ පැමිණි  යතුරුපැදියකින් පැමිණි ඝාතකයෙක්  මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට තිබුණේය. ව්‍යාපාරිකයා රියදුරු අසුන මතදිම මියගොස් සිටි බව පොලිසිය කීවේය. වෙඩි ප්‍රහාරයට ලක්වු ව්‍යාපාරිකයාගේ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගෝ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළේය. පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර   විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබීය. ඝාතනයට ලක්වු ව්‍යාපරිකයාගේ  හිසට, මොළයට, උදරයට, දෑත්වලට වෙඩිවැදි තිබු බව පශ්චාත් මරණ පරික්ෂනයේ දි අනාවරණය විය.   උණ්ඩ 10කට ආසන්න සංඛ්‍යාවක්     ව්‍යාපාරිකයාගේ  සිරුරේ විවිධ ස්ථානවලට වැදි තිබු අතර හිසට හා මොලයට වු බරපතල තුවාල නිසා ව්‍යාපරිකයාගේ මරණය වී ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි තහවුරු වුනේය. සිරුරේ තිබු වෙඩි උණ්ඩ කොටසක් 04ක් පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කෙරිනි. කෝටිපති  ව්‍යාපාරිකයාට වෙඩි තබනු ලැබුවේ  මෙම උණ්ඩ නිකුත් වි ඇති කුමණ අවියකින් ද කියා පරික්ෂාකොට බැලීම සදහා මෙම උණ්ඩ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබිය.

ඒ වකවානුවේ විදුලිබල හා බල ශක්ති රාජ්‍ය ඇමති ඩී.වී.චානක පවා සිය මාමණ්ඩියගේ ඝාතනය සම්බන්ධව කම්පනයකින් යුතුව යුක්තිය ඉටු කරගැනීම සඳහා ඉදිරිපත්වනු දක්නට නොලැබීම විශේෂ කාරණාවක් ලෙස සමාජය දුටුවේය. ඒ වකවානුවේදීම විමරශන අංශ සැක පහළ කරන්නේ මෙම  ඝාතනය සිදුවන්නේ ඩුබායි සිට මෙහෙයවන රත්ගම විදුරගේ සහ කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලි  දෙක අතර වූ දාම ඝාතනයකින් එකක් ලෙස බවය. එමෙන්ම ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරිකයා සහ කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධය ගැන ද විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

කොස්ගොඩ සුජීගේ ඇති ඥාති සම්බන්ධය නිසා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති  ධනුක මහේෂ් ද සොයිසාට  2023   මැයි මස  (26) වැනිදා  උදෑසන අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය,  2023 ජූනි 12   රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්වන රත්ගම විදුරගේ ඥාතියෙක් වූ දුලාජ්  තරංග  ගමගේ තරුණියක මාර්ගයෙන්  සීනිගම දේවාලය අසලට ගෙන්වා වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය, මෙම ඝාතන දාමයේ සැලසුම්වල වැරදී ගිය උත්සාහයන්ය.

එහෙත් 2023 ජූනි මස 21 වැනිදා අලුයම ගොස්ගොඩ සුජීගේ මාමා කෙනෙක් වූ රන් මහත්තයා කොස්ගොඩ හිදරුව ප්‍රදේශයේ දී රත්ගම විදුරගේ පාර්ශවය විසින් ඝාතනය කරනු ලැබුවේය. සැප්තැම්බර් මස 18 වැනිදා රත්ගම ගම්මැද්දේගොඩ පදිංචි ගෝණාපීනුවලගේ ශෙහාන් නිලංග නමැති 28 හැවිරිදි තරුණයාගේ මළ සිරුර රත්ගම ආදාහනාගාරය පිටුපස කළපුවේ පාවෙමින් තිබුණේ අත් පා ගැට ගසා ඝාතනය කර තිබියදී ය. මේ ඝාතනයකර තිබුණේත් කොස්ගොඩ සුජීගේ සමීප හිතවතෙක් බවත් එම ඝාතනය සිදුකර ඇත්තේත් රත්ගම විදුර විසින් බවත් විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි.

ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ ලලිත් වසන්ත මෙන්ඩිස් ඝාතනය කරන්නේ ඊට දින 05කට පසුය. පොලිසිය සොයාගෙන තිබුණු තොරතුරු අනුව මෙම ඝාතනය සිදුවන්නේ කොස්ගොඩ සුජීගේ කල්ලිය විසිනි. හේතුව ලලිත් වසන්ත මෙන්ඩිස් රත්ගම විදුරගේ සමීපතමයෙක් මෙන්ම රත්ගම විදුරගේ  ඥාතියෙක් වීමය. විදුරගේ නීති විරෝධී කළු සල්ලි මේ පුද්ගලයා හරහා සුදුවූයේ දැයි ඒ අවස්ථාවේ දී විමර්ශන අංශ සොයමින් සිටියේය. යම් හේතුවක් නිසා යටගිය මෙම විමර්ශනයත් ප්‍රමුඛතාවයකින් යුතුව මතු විය යුතු විමර්ශනයක් බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිරිතකට වැඩම කර දායක නිවසේ නවත්වා ගිය හිමිනමගේ ජිප් රථයත් හොර වාහනයක්?… පොලිසිය විමර්ශන අරඹයි!

Next Post

අම්බලන්ගොඩදී මහ දවල් මහ පාරේ අඹුසැමි යුවළකට වෙඩි තබා මරා දමති

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.