වර්ෂ 2018 දී කුඩාවැල්ල ධීවර වරායේ දී සිව්පුද්ගල ඝාතන සිදුකළ ටී 56 ගිනි අවිය සහ එම ගිනි අවියට භාවිතා කරන ජීව උණ්ඩ 13ක් එම ඝාතන සිද්ධියේ සැකකරු ලෙස සැලකෙන සුපුන් බුද්ධික නොහොත් වලස්ගල සුපුන් නැමැත්තාට අයත් ඉඩමකට ආසන්නයේ වළ දමා තිබියදී ඊයේ (25) සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
වලස්ගල සුපුන් නැමැත්තා මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.
මෙම සොයාගත් ගිනිඅවිය එම ඝාතන සිද්ධිය සඳහා යොදා ගැනීමෙන් අනතුරුව සඟවා තබා ඇති බවට වාර්තා වන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ දී මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ සොයාගෙන තිබිණි