දිනසේන රතුගමගේ –
පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කිළිනොච්චියේ ළමා නිවාසවලින් 2024 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් මෙවර හතර දෙනෙකුට විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් හිමි වී තිබේ.
එම දෙපාර්තමේන්තුවේ කිළිනොච්චියේ පරිවාස නිලධාරී රුවන් ධර්මදාස පැවසුවේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් තවත් සිසුන් හය දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට විද්‍යාපීඨවලට ඇතුළත් වීමට සුදුසුකම් හිමි වී ඇති බවයි.







