දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු කිළිනොච්චිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයින් දෙදෙනාව කිළිනොච්චියේ ගණේෂපුරම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් පසුව වෙඩි තැබීමට උපයෝගී කරගත් තුවක්කුව හා ඔවුන් එම අපරාධය සඳහා පැමිණි යතුරු පැදියද අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෝටර් රථයෙන් ගමන් කරමි න් සිටි කිළිනොච්චියේ උදයනගර් පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම නිසා මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයා තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කරන ලද්දේ පසුගිය 27 වෙනිදාය.







