සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිවෙකුගේ බියවැද්දීම්වලට නම් යටත් වෙන්නෙ නෑ… තමන් වැදගත් නමුත් ඒ වැදගත්කම සම්බන්ධව තක්සේරුවක් තබා ගන්න… සෞඛ්‍ය ඇමතිවරයා කියයි!

by editor
ජනවාරි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිවෙකුගේ බියගැන්වීම්වලට බයේ තීන්දු තීරණ නොගන්නා බවත් දම්වැලක පුරුක් ලෙස දාමයක කටයුතු කරන ලෙස සෑම පුරුකක්ම වැදගත් නමුත්   එම වැදගත්කම සම්බන්ධව තක්සේරුවක් ඇතිව වැඩ කරන ලෙස දන්වා සිටින බවත්   සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරුන් පිරිසකට පත් වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ (27) එක්වෙමිනි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මේ වනවිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර පවත්වාගෙන යමින් සිටින අතරතුරය.

රෝහල්වල නැති ඖෂධ බාහිර මිලදී ගැනීම් සඳහා   නියම නොකිරීම, රෝහල්වල නැති රාසායනාගාර පරීක්ෂණ  බාහිර රසායනාගාරවලින් සිදුකර ගැනීමට   නියම නොකිරීම, වෛද්‍යවරුන් අනුමත කරගෙන නැති රෝහල් පද්ධතියේ නව ඒකක ආරම්භ නොකිරීම, සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට සහභාගී නොවීම, රෝගියා පරීක්ෂා කිරීමට සහායක නිලධාරීන් නැතිනම් සේවා වලින් ඉවත්වීම මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනයේ ස්වරූපයයි.

රාජ්‍ය සේවයට ඇතුළත් වෙනකොටම ඔබ හිත හදාගන්නට ඕන මේකේ වගකීම, භාරදූර භාවය පිළිබඳව. ඊට කලින් ගතකරපු සාමාන්‍ය ජීවිතයම ගත කරමින් සියලු දේවල්වලට නිදහසට කාරණා ලබා දෙමින් යන ගමනක් රාජ්‍ය සේවය ඇතුළෙ යන්න බෑ. එහෙමනම් රාජ්‍ය සේවයට එන්නේ නැතිව ඉන්න ඕන.

මේක සෙල්ලමක් නෙමෙයි.  අප රට ගැන වගකීමක් භාරගෙන තියනවා අපි සියලු දෙනාම. අපි සියලු දෙනාම මහජන සේවකයො. රාජ්‍ය සේවකයො. එහෙමනම් ඒ වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරන්න ඕන.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

හැබැයි මෙහෙමත් එකක් මතක තබාගන්නට ඕන. දැන් ලෝකයට අපි හැම දෙනාම වැදගත්. අපි නැතිනම් ලෝකෙ දුවන්න බෑ කියලත් හිතන්න එපා. එහෙම නෑ.  මම නැතත් වෙන කවුරු නැතත් ඒ තැනට වෙන කෙනෙක් ඒවි. ලෝකය ඉස්සරහට යනවා. හැබැයි යම් ක්‍රියාවලියක් කරන් යනකොට ඒ දම්වැලේ පුරුක වැදගත් වෙනවා. එහෙම නැතිනම් ඒකට ආදේශවන මොනවා හරි ක්‍රමයක් ලෝකය විසින් හදා ගන්නවා.

ඒ නිසා අපි වැදගත් තමයි. හැබැයි ඒ වැදගත්කම සම්බන්ධව තක්සේරුවක් ඇතිව වැඩ කරන්න ඕන. රජය අපි ඔබට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම දෙනවා. මීට වැඩිය වැඩි පඩි යුරෝපයේ තියනවා මීට වඩා පහසුකම් තියනවා, ඒ නිසා අපි යනවා… ඒ නිසා බයට පඩි වැඩි කරලා දෙන්න… ඒවට නම් යට වෙන්නේ නෑ.

ලංකාවේ මේ දුෂ්කරතාවයන් දරාගෙන මේ ආර්ථිකය තේරුම් අරගෙන අපේ රටේ නිදහස් අධ්‍යාපනය ඇතුළෙ ප්‍රතිලාභ ලබපු රට වෙනුවෙන් වැඩ කරන්න ඇත්තටම ඉතිරිවෙන අයට දෙන්න පුලුවන්  සියලුම පහසුම් ඉදිරියේ දි ලබා දෙනවා.

හැබැයි කවුරුහරි අපට තර්ජනය කරන්න එනවා නම් මේක නුදුන්නොත් රට දාලා යනවා කියන කට්ටිය ඒ අයට මොනවා දුන්නත් දාලා යනවා. මේ වෙලාවේ දාලා යනවා කියලා ඉල්ලගත්තොත් ආයේ ටිකක් කල් ගිහින් දාලා යනවා කියලා කියන්න පුලුවන්. එහෙම අයට නෙමෙයි සලකන්නේ රට ඇතුළෙ ඉඳගෙන වැඩ කරන අයට.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අරගල සමයේ හානි වූ දේපලට අනීතික වන්දි ගැනීම – ගෝඨා ට නොතීසි…

Next Post

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.