කීර්ති ප්රනාන්දු –
16 හැවිරිදි දරුවකු විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයට යට වීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දැඩිසත්කාර අංශයේ ප්රතිකාර ලබමින් සිටි දාහත් හැවිරිදි දරුවා අද (11) දින මියගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි.
ඉකුත් 4වනදා කොළඹ මීගමුව ප්රධාන මාර්ගයේ වැලිසර මහබාගේ ප්රදේශයේදී මෙම මාරක රිය අනතුර සිදුවිය.
මෙසේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී අද දින මිය ගිය දාහත් හැවිරිදි දරුවා සිය මාමා සමග ගෑස් සිලින්ඩරයක් රැගෙන ඒම සඳහා යතුරු පැදියේ නැගී ගමන් කරමින් සිටියදී වැලිසර මහබාගේ ප්රදේශයේදී 16 හැවිරිදි දරුවකු විසින් පදවාගෙන පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකට යට වීමෙන් මෙම අනතුර සිදු විය.
අනතුරින් මෙම දාහත් හැවිරිදි දරුවාගේ මාමා එතැනම මිය ගිය අතර මෙම දරුවා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දැඩිසත්කාර අංශයේ ප්රතිකාර ලබමින් සිටියදී අද දින මියගොස් ඇති බව පොලිසිය පවසයි.







