සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැරොලයින් කිරුළ ගලවා භාර දී සියල්ල අත්හරින්නෙ නෑ ලු….

by editor
අප්‍රේල් 9, 2021 - Updated on අප්‍රේල් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට සමාජ මාධ්‍යවල පලකරන ආකාරයට කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජන කිරුළ  අත් නොහැරි  බව වාර්තා වේ.

ඇය කියා  තිබුනේ තමන්  2020 ලෝක විවාහක රූ රැජන බැවින් 2021 ලෝක විවාහක රූ රැජන සඳහා අවස්ථාව ලබා දීමට කාලය එළඹ ඇති බව යැයි පැවසේ.

නව ලෝක විවාහක රූ රැජනට කිරුළ පළඳවන්නේ පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජන බැවින් තමන් අතිනි ඔටුන්න පැළඳවීම සඳහා   සුදුසු කාන්තාවට එම කිරුළ පැළඳවීමේ අපේක්ෂාව ගැන ඇය කියා තිබුණාය.

එමෙන්ම ලෝක විවාහක රූ රැජන සංවිධායකයන්  ලංකාවේ රූ රැජන තේරීමේ තරගයේ දී සිදුවූ ගැටුම සම්බන්ධව කිසිම ප්‍රකාශයක් කර නැති බව එම ආරංචි මාර්ග කීවේය.  දැනට සමාජ මධ්‍යයන්හි සංසරණය වන්නේ  සංවිධානාත්මකව සැලසුම් කළ ප්‍රචාරණ ව්‍යාපෘතියක් විසින් නිර්මාණය කළ ව්‍යාජ ලේඛණයක් බව ද එම ආරංචි මාර්ග පෙන්වා  දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කැරොලයින් ජූරි මුදාහල වීඩියෝවේ ඇය කරන ලද කතාවෙහි සංක්ෂිප්ත පෙළ මෙසේය.

ආයුබෝවන්! වනක්කම්!
සියලු ලෝ වැසියනි, මගේ ලස්සන රටේ සහ ලොව වටා ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයිනි. කිරුල දිනාගත් සහ කිරුලක් දිනාගන්නට කැපවී වෙහෙස වූ, මගේ හිතවත් රූ රැජිනියනි. වාද මතවාදවලට තුඩුදුන්, පසු ගියදා සිදු වූ සිදුවීම ගැන මගේ අවංක කණස්සල්ල පළකර සිටිමි. කිසිවෙකු සමග පුද්ගලික ආරෝවක් මට නැත. පුද්ගලික න්‍යාය පත්‍ර ද මා ළඟ නැත. ශ්‍රී ලංකා විවිහක රූ රැජින තරගයේ අවසාන වටයට තේරී පත් වූ සියලු දෙනා මම ඉතාමත් අගය කොට සළකමි.
”ඔවුනට ඔවුන්ගේ උපරිමයෙන් තරගවැද ජයගැනීමට තරම්, සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු නොකළෙමි. මා නිරන්තරයෙන් සිටගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙනි.”
“මා හට 2020 ලෝක රූ රැජින තරගයේ තරගවැද ජයග්‍රහණය කිරීමට තරම්, සාධාරණ වේදිකාවක් නිර්මාණය කර දුන්, ආදරණීය ලෝක විවාහක රූ රැජින තරග සංවිධායකයින්ට එයින් අත්විඳින්නට සිදු වූ අපහසුතාවයක් වී නම්, මම ද එය අත්විඳිමි. ලොව වටා සහ මගේ රටේ වෙසෙන, පසුගිය සහ වර්තමාන රූ රැජින තරග ජයග්‍රාහිකාවන්ට එයින් අත් විඳින්නට සිදු වූ අපහසුතාවය මමද එලෙසින්ම අත් විඳිමි.
සෑම රූ රැජින තරගයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත. මා මුල සිටම පෙනී සිටියේ සාධාරණ වේදිකාවක් සහ සැමට සාධාරණ වූ නීති රෙගුලාසි වෙනුවෙනි. ”තරගයක නීති රීති ඇත්තේ, ඒවාගේ අඩුපාඩුවලින් රිංගා යමින්, කෙසේ හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට නොවේ. තරගයකට නීති රෙගුලාසි ගෙන එන්නේ, අරමුණක් වෙනුවෙන් වේදිකාවක් සඳහා බව මගේ විශ්වාසයයි. මා මුලසිටම හඬනැගුවේ ඒ වෙනුවෙනි. නමුත්  අවාසනාවකට හඬනැගීම නොතකා හැරීම නිසාම, අවසාන තරගයට පෙර දිනයේදී, මා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූවෙමි.
මගේ ක්‍රියකලාපය ඒ අභිමතාර්ථ සහ අරමුණු වෙනුවෙන් මගේ ක්‍රියාත්මකවීමයි. මා දකින ආකාරයට ලෝක විවාහක රූ රැජින කිරුළ යනු, විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින් වගකීම් දරමින්ම, තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි. සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මග නොහැරගන්නා, එතැනින් නොනැවතී තරග වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග කීරීමට උත්සහ ගන්නා, අසීමිත කැපකිරීම් කරන, වෙහෙස වන, හැකියාවක් ඇති, හරයක් සහ අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුමයි.
ලෝක විවාහක රූ රැජින තරගය නිර්මාණය කර ඇත්තේ, දික්කසාද හෝ පවුල් ජීවිතයෙන් වෙන් වූ කාන්තාවන්ව පහත් කොට සැළකීම සඳහා නොව, විවාහක ජීවිතයේ ඉන්නට තීන්දු කළ කාන්තාවන්ගේ සිහින සැමරීමට සහ ඔවුන්ව අගය කිරීමට බව මට තහවුරු කළ හැකිය. විවාහක අවිවාහක සියලු කාන්තාවන් ඇත්තටම රැජිනියන්ය. සෑම රැජිනියකටම තමන්ටම කියා වෙන් වූ විවිධාකාරයේ තරග වේදිකාවන් ඇත. ඒ ඒ වේදිකාවන් සහ තරගවලට අනන්‍ය වූ නීති රෙගුලාසිද ඇත. මේ වර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ වැඩ කටයුතු කරන අතරතුරේදී තරගකාරියන්ගේ කැපවීම, වෙහෙස සහ උද්යෝගය මම අත්වින්දෙමි. ඔවුන් සියලු දෙනා සමග එක්ව, තවතවත උනන්දුවෙන් සහ වෙහෙස වී වැඩ කරන්නට, ඔවුන්ගේ උද්යෝගය මා හට පන්නරයක් වූ බව කිව යුතුමය. මා සැමවිටම මගේ අත්දැකීම් සහ දැනුම ඔවුන් සමග නොඅඩුව බෙදා හදාගත්තෙමි.
2020 ලෝක රූ රැජිනිය ලෙස කිරුලු පැළඳීමට මා ගමන් කළ දීර්ඝ වූත්, වෙහෙසකර වූත්, ඉතා අසීරු වූත් ගමන, මා හට ලබාදුන් දැනුම සහ අත්දැකීම් නිසාම, මා ළඟ ඔවුන් සමග බෙදාහදාගන්නට බොහෝ දේ ඇත. මේ වසරේ, ලෝක විවාහක රූ රැජින තරගයේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි. ඒ සඳහා ලෝකයේ නන් දෙසින් එන සියලු තරගකාරියන්ව අපි ආදරයෙන් පිළිගන්නා අතරම, අපේ රට නියෝජනය කරමින්, ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියටද, ලෝකයම සමග කරට කර තරගවැදීමට යළිත් අවස්ථාවක් හිමිවේ. එහිදී, සාධාරණ තරග අවස්ථාවක් ලබාගැනීමට සහ හොඳ තරගයක්දීමට, අපේ විවාහක රූ රැජිනියව සූදානම් කිරීම, මුවහත් කිරීම සහ මගපෙන්වීම සඳහා මාගේ උපරිමයෙන් දායකත්වය ලබාදීම, මාගේ වගකීම සහ කර්තව්‍යය ලෙස මා සළකමි. ලෝකයම සමග තරගකොට, ලෝක රූ රැජිනිය ලෙස කිරුළු පැළඳි, ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස, මේ වර අපේ රට නියෝජනය කරන කාන්තාවට සාධාරණ තරග අවස්ථාවක් ලබාදීම සහ හොඳ තරගයක් දීම සඳහා ඇවැසි සුදුසුකම් සපුරාගැනීමට උපකාර කිරීම මගේ අරමුණයි.
මා ජයග්‍රහණය කළ කිරුළ නැවත භාරදීමෙන් පසුව පවා, මගේ පවුල් ජීවිතය වෙනුවෙන් කරන කැපවීම් සහ වගකීම් දරන අතරේදීම, ඒ අරමුණ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාත්මකවීම සහ වැඩ කිරීම මගේ සැලසුමයි. මා මේ කිරුළ නැවත භාර දෙන්නේ කෙසේද යන කාරණාවට වඩා, 2020 ලෝක රූ රැජිනිය ලෙස ඒ කිරුළ දරණ කාලයේදී, මා ජීවත්වන සහ නියෝජනය කරන ලෝකය වෙනුවෙන් මා එය කෙළෙස යොදාගත්තේද යන්න වඩා වැදගත් බව මම විශ්වාස කරමි. මම  සමහරවිට ඔබගේ මනෝලෝකයන් කඩා විසුරුවා දමන්නට ඇති බව දනිමි. සමාජ සංවාදයක් ඇති කළ බවද දනිමි. එපමණක් නොවේ, කිරුළක් දරණ රූ රැජිනකට තිබිය යුතු වැදගත්කම් සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන කතිකාවක්ද ඇති වූ හැටි මා බලා සිටියෙමි.
වැදගත්කම යනු, ලෝකයේ ඇස් ඉදිරියේ කෙනෙකුගේ හැසිරීමෙන් මනින දෙයක් යැයි ඔබ සිතන්නේ නම්, ඔබට ඔබේ විනිශ්යන්ට එළඹීමට මම බාධා නොකරමි. නමුත්, වැදගත්කම් යනු, ලෝකයාගේ ඇස් ඉදිරියේ පමණක් නොව, කිසිවෙකු තමන් දෙස බලා නොසිටින අවස්ථාවේ පවා රහසින්වත් වැරදි නොකර සිටීම සහ තමන් පෙනී හිඳිමින් ක්‍රියා කරන්නේද යන වග නම්, සැබෑ වටිනාකම එය බව මගේ ඇදහීමයි. මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී හිඳීමෙන් පසුව, මගේ කිරුළ අහිමි වූවත්, මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රූ රැජිනියගේ කිරුලේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැඟීමයි.
වටිනාකම් යනු අපේ ජීවිතවල මුල්බැසගත් සාරධර්මයන් වේ. වටිනාකම්, මතුපිටින් මනින්නට නොහැකිය. කීයටවත් මුදලට ගන්නට නොහැකිය. මම ඒ වටිනාකම් වෙනුවෙන් සිටගනිමි. මුලු ලෝකයම ඉවත බලන විටදී පවා තනිවම වුවත්, මම ඒ වටිනාකම් වෙනුවෙන් නැගීසිටිමි.
Tags: නවතම
Share69Tweet43
Previous Post

CID අධ්‍යක්ෂ වහාම මාරු කෙරේ

Next Post

ගම සමඟ පිළිසඳරට ඇමති නාමල්ගේ බළකායක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.