අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයියා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයට මාරුකර යවා තිබේ.
ඊට අදාල නියෝගය අද සවස පොලිස්පතිවරයා විසින් නිකුත්කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇත.