පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරු 43ක්, පොහොට්ටු නායකත්වයට රහසේ රනිල් වික්‍රමසිංහට සහාය දෙන බවට පොරොන්දු වී, පසුව එම පොරොන්දුවම රනිල් වික්‍රමසිංහට රහසේ බැසිල් රාජපක්ෂට ද ලබා දී ඇති බව වාර්තා වේ.
ඔවුන් අතර කැබිනට් අමාත්‍යවරු තුන් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 13 ක් සහ මන්ත්‍රීවරු 27 ක් සිටින බව පැවසේ.
මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපළේම දැඩි දෝශ දර්ශනයට ඔවුන් ලක්ව ඇති බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.







