ශ්රියානි විජේසිංහ –
කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවක් කොළඹ කාසල් රෝහලෙන් හඳුනාගෙන ඇතැයි රෝහල් ආරංචි මාරග තහවුරු කළේය.
මෙම කාන්තාව ගම්පහ ප්රදේශයේ පදිංචි කාරීනියක් යැයිද එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දුන්නේය.
අප කල විමසුමකදී රෝහල් ප්රකාශිකාවක් සඳහන් කළේ කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී මව්වරුන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් රෝහල තුළ සකස් කර ඇති බවය. කොවිඩ් ආසාදිත මේ ගර්භනී මාතාව ප්රතිකාර සඳහා මුල්ලේරියාව රෝහල වෙත රැගෙන යාමට මේ වනවිට කටයුතු සකස් කරමින් සිටින බව ඇය වැඩිදුරටත් ප්රකාශ කළාය.