දිනසේන රතුගමගේ
යාපනයේ එලුවතීව් වීරභද්‍ර කාලිකෝවිලේ රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ගොස් ඇති බවට කයිට්ස් පොලීසියට 27 ද පැමිණිලි කොට තිබේ.
මෙම සොරකම සිදුව ඇත්තේ සදුදා මහ රාත්‍රියේදීය.
රන් ආලේපිත මෙම ප්‍රතිමා දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ හතළිහක් පමණ වන බවත් එම ප්‍රතිමා දෙක කාලි මෑනියන්ගේ හා වීරභද්‍ර දෙවියන්ගේ බවත් කෝවිලේ බාරකරු විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වෙයි.
මෙම කෝවිලේ සී.සී.ටීවී කැමරා පද්ධතියක් ඇති අතර ප්‍රතිමා දෙක සොරකම් කිරීමට පැමිණි පිරිස එම කැමරා පද්ධතිය විනාශ කොට ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







