කාල්ටන් නිවස අසල පැවති විරෝධතාවයේදී අත් අඩංගුවට පත් සැකකරුවන් 15 දෙනාට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇප නියමව ඇත.
වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් රටපුරා මේ වන විට පවතින ජනතා උද්ඝෝෂණයන්ගෙන් එක් උද්ඝෝෂණයන් ඊයේ (4) තංගල්ල නගරයේ පැවති අතර එයට සහභාගි වූ පිරිස පසුව කාල්ටන් නිවස අසලට ගොස් සිය විරෝධය පළ කළහ.
මෙහිදී පොලීසි කදුළු ගැස් සහ ජලප්‍රවාහ දියත් කරමින් විරෝධතාවන් දැක්වූ ජනතාව විසුරුවා හැරීමට කටයුතු කළ අතර ඒ මොහොතේදී පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
කියවන්න…
කාල්ටන් නිවස වටකළ විරෝධතාකරුවන් 15ක් අත්අඩංගුවට… විරෝධතා කරුවන් වෙනුවෙන් නොමිලයේ නීතිඥ මණ්ඩලයක්…







