බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාමර කුලිය දී පීසා විකුණන රුසියානුවන් ගැන උදයාංග වීරතුංග කියන කතාව

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාවෙන් මෙරටට පැමිණි සංචාරකයන් පීසා විකුණන කතාව පසුපස ඇති ප්‍රධාන ප්‍රශ්නය මෙරට ජනතාවට රුසියානු භාෂාව නොහැකි වීම බවත් මේ ගැටලු විසඳීම වෙනුවට ඔවුන්ට හිරිහැර කලොත් අමාරුවෙන් ගෙන්වා  ගත් රුසියානුවනුත් ආපසු මේ පළාතටවත් නොඑනු ඇති බවත් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග   පවසයි. මේ වනවිට රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ක්‍රියා කරන උදයංග වීරතුංග   පසුගියදා ලංකාසර සමඟ කළ පිළිසඳර අපි මෙසේ සැකෙවින් පළ කරමු.

උදයාංග වීරතුංග

 ප්‍රශ්නය – ඔබ මේ දිනවල තනිකරම රුසියානු සංචාරකයන් ගෙන්වන වැඩවල වගේ පේනවා. ඇත්තටම ඔබේ වර්තමාන භූමිකාව කුමක්ද?

 පිළිතුර – මට රුසියාවත් සමග යම් බැදීමක් පවතිනවා. මම ඉගෙන ගත්තේත් රුසියාවේ.  එය වඩාත් තීව්‍ර වුණේ 2005 වසරේ රුසියාවේ තානාපති ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාව පත් කළාට පස්සේ.

ඒ වෙනකොට රුසියාවෙන් පරණ සෝවියට් සමූහාණ්ඩුව යටතේ තිබුණු රටවල්වලින් ශ්‍රී ලංකාවට එතරම් සංචාරකයෝ ආවේ නෑ. මම මේ සංචාරක වෙළෙඳපොළ ගැන වැඩි අවධානයක් යොමු කළා. මට ඕන වුණා  ලංකාව ඔවුන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් බවට පත් කරන්න. ඒ වෙනුවෙන් මම තානපතිවරයකුවත් නොකරන තරමේ වැඩසටහන් රැසක් කළා. සම්මන්ත්‍රණ පැවැත්වුවා. රුසියානු භාෂාවෙන් ශ්‍රි ලංකාව ගැන පොත් සකස් කළා. ඒවා බෙදා හැරියා. වීඩියො සීඩී පට සකස් කළා. ඒ වෙනකොට අවුරුද්දකටම රුසියානු රටවලින් ආවේ 4500ක් විතර. යුක්රේනයෙන් ආවේ සංචාරකයන් 450ක් විතර. මම ඒ  තත්ත්වය වෙනස් කළා.

ප්‍රශ්නය –  අද ඔබේ භූමිකාව කුමක්ද? රුසියානු සංචාරකයන් ගෙන්වන ව්‍යාපාරිකයෙක්ද?

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පිළිතුර – එහෙම කියන්න බෑ. මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ නෑ. නමුත් මම මේ කර්මාන්තයේ පාර්ශ්ව කරුවෙක්.  රුසියානු  සහ ශ්‍රි ලංකා පාර්ශ්ව දෙක අතර විශ්වාසය ගොඩනැගීම සම්බන්ධීකරණය  කිරීමේ කාර්යයක නියැළි ඉන්නවා.

ප්‍රශ්නය – එසේ වුණත් ඔබ අද බොහෝ තැන්වල කතා කරන්නේ රුසියානු සංචාරක ව්‍යාපාරය නම් උදයංග වීරතුංග, උදයාංග වීරතුංග නම් රුසියානු සංචාරක කර්මාන්තය වගේ කියලනේ. ඔබේ සමාජ ජාල හැසිරීමත් එහෙමයි?.

පිළිතුර – ඔව්. ඒක එහෙම වෙන්න පුළුවන්. ඔබලා කවුරුත් දන්නවා පහුගිය කාලේ කොවිඩ් වසංගතයෙන් මේ ආර්ථික අර්බුදයෙන් පස්සේ කොහෙන්ද වැඩියෙන්ම සංචාරකයෝ  ආවේ කියල. ඉතිහාසයේ කවදාවත් නැතිව රුසියාවෙන් මේ රටේ වැඩිම සංචාරකයන් පිරිස මේ වසර තුළ ආවා.

ඔබ දන්නවා රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රි ලංකාවට පැමිණීම අත්හිටුවා යළි ආරම්භ කිරීමෙන් පස්සේ යළි එය ආරම්භ කිරීමට පසුව මේ වනවිට රුසියානු සංචාරකයන් 14,000ක් ඉක්මවා මෙරට පැමිණ තිබෙනවා. ගුවන් යානා 30කට ආසන්න ප්‍රමාණයක් යළි මෙරටට පැමිණියා.  විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් පසුව රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වා  ගැනීමට මම විශේෂ උනන්දුවකින් කටයුතු කළා. මගේ පැවති සම්බන්ධතා සියල්ල ඒ සඳහා භාවිත කළා.

ප්‍රශ්නය –  ඔබ රුසියාවේ සංචාරක ක්ෂේත්‍රය සමඟ මේ තරම් සම්බන්ධතා ගොඩනගා ගත්තේ කොහොමද?

පිළිතුර –  මම තානාපති ලෙස කටයුතු කරද්දී එරට ප්‍රධාන පෙළේ සංචාර නියෝජිත ආයතන හමුවුණා. ඒ වගේම එරෝෆ්ලොට් ඇතුළු ගුවන් සේවා ප්‍රධානීන්  හමුවුණා. ඔවුන් සමඟ සාකච්ඡා කර ශ්‍රි ලංකාවට සංචාරකයන් සමඟ  ගුවන් යානා ගෙන්වා ගන්න කටයුතු කළා. මම අර මුලින් කීව වගේ පෞද්ගලිකවම  මහන්සි වෙලා ඒ දේ කළා.මේ තත්ත්ව සමඟ මට රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීම සියයට 2500කින් වැඩි කර ගන්න පුළුවන් වුණා.

ප්‍රශ්නය- මේ වසර තුළ කොපමණ රුසියානුවන් යුක්රේන ජාතිකයන් ශ්‍රි ලංකාවට පැමිණ සිටිනවාද?

 පිළිතුර – මම හිතන විදිහට සංචාරකයන් 60,000ක් විතර. ඒ අතරින් අප ආරම්භ කළ සෘජු ගුවන් සේවා මඟින් 15000කට වඩා පැමිණ තිබෙනවා .

ප්‍රශ්නය – මේ රුසියානු සංචාරකයන් ලංකාවට එන්නේ ඇයි?

පිළිතුර – ඔවුන් මූලික වශයෙන්  එන්නේ ශ්‍රි ලංකාවේ වෙරළ තීරයේ ගත කරන්න. වෙනත් නටඹුන් බලන්න, වෙනත් ස්ථානවලට යන්න, මැණික් මිලදී ගැනීම වගේ දේවල්වලට ඔවුන් ඒ තරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.

ප්‍රශ්නය – පසුගියදා පාර්ලිමේන්තුවේදී දකුණු පළාතේ මන්ත්‍රිවරයකු සඳහන් කළා රුසියානු සංචාරකයන් මෙහෙ ඇවිත් ලාබෙට පීසා විකුණනවා. කාමර විකුණනවා.  ව්‍යාපාර කරනවා  මෙහෙම ගියොත් කර්මාන්තයේම ඉන්න අය රුසියානුවන්ට පිහියෙන් අනී කියල?

පිළිතුර – ඔය කතාව කිව්වේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රිතුමා. ඔහු කියන කතාවේ යම් ඇත්තක් තිබෙනවා. ඔය ප්‍රශ්න වැලිගම, හික්කඩුව සහ උණවටුන ප්‍රදේශවල පවතින දෙයක්.

සමහර රුසියානුවන් සහ යුක්රේන ජාතින් දීර්ඝ නිවාඩුවලට මෙහෙ ඇවිත් ඉන්නවා. සමහරු ශීත කාලය අවසන් වන තෙක් මෙරට රැඳී සිටිනවා. සමහරු හමුදාවට බඳවා ගනිවි යන බියෙන් පුළුවන් තරම් ශ්‍රි ලංකාවේ ගත කරල යන්න බලාගෙන ඉන්නවා. යුක්රේන ජාතිකයනුත් යුද්ධය නිසා දිගු කාලයක් රැඳි සිටිනවා. ඔවුන් සමහරු ඔය කියන දේ කරනවා තමයි. තමන් කුලියට අරන් ඉන්න විලා එකේ අතිරේක කාමරයක් කුලියට දෙනවා. සමහරු පීසා හදල දෙනවා. කාන්තාවො රූපලාවන්‍ය වැඩ කරනවනවා.   ඒ අතරේ වැලිගම සර්ෆින් පුහුණු කරන ආයතනයකුත් කරනවා. මේ නිසා අපේ අයගේ සර්ෆින් පුහුණුවට එන්නේ නෑ කියනවා.

මේ සියල්ලේම ඇත්තක් තිබෙනවා. නමුත් මේ සඳහා බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි භාෂාව. ඔය කියන සර්ෆින් ආයතනය බැලුවම රුසියානුවන් ඔවුන්ගේ භාෂාවෙන් මෙය හොඳින් උගන්වනවා. අපේ අයට භාෂාව නිසි ලෙස බෑ. අනෙක ඔවුන්ට ඒ පුහුණුව සඳහා සුදුසුකම් පෙන්වන්න සහතිකත් නෑ.

ඔය කියන ප්‍රශ්න යම් තරමකට මඟ හරින්න මෙලෙස ව්‍යාපාර කරන අයගෙන් බද්දක් අය කර ගන්න කටයුතු කරන්න පළුවන්. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි

අනෙක් පැත්තෙන් මෙච්චර කාලයක් රුසියානුවන් 10000ක් විතර ආපු කාලෙ ඔය ප්‍රශ්න තිබුණේ නෑ. දැන් රුසියානුවන් අතර මෙය ගමනාන්තයක් ලෙස ජනප්‍රිය වෙන නිසයි මෙහෙම වෙන්නේ. අනෙක් පැත්තේ මේ ව්‍යාපාර කරනවා කියන සුළු පිරිස ඒක රුසියාව තුළ ප්‍රවර්ධනය කරනවා. එයින් වැඩි වැඩියෙන් රුසියානුවන් එනවා.

අපි මේ ව්‍යාපාර කරන එක යම් යම් ක්‍රමෝපාය මගින් පාලනය කළ යුතුය  යන   මතයේ මමත් ඉන්නවා. නමුත් මන්ත්‍රිතුමා කියන විදිහට සංචාරකයන්ට පිහියෙන් අනින තැනකට තල්ලු කළොත් මොකද වෙන්නේ.?. ඒ ගැනත් බැලිය යුතුයි.

මතකයිනේ තංගල්ලේ සංචාරක කතක් දූෂණය වීමෙන් පසුව යළි රුසියානුවන් ඒ පළාතේ ගියේ නෑ. එක සිදුවීමක් වුණොත් එයින් මුළු කර්මාන්තයටම වැටෙන්න පුළුවන්. මූලික දේ මේ සංචාරකයෝ ගේන එක. දැන් වැඩියෙන්ම එන්නේ රුසියාවෙන් . මේ එන සංචාරකයන් දළ වශයෙන් දින 10ක් ලංකාවේ ගත කරනවා. ඔවුන්වත් නාවොත් මොකද වෙන්නේ? අප ඒ ගැන කල්පනා කරල කල්පනාකාරීව කතා කළ යුතුයි. ක්‍රියා කළ යුතුයි.

ප්‍රශ්නය – මේ එන රුසියානු සංචාරකයන්ගේ වියදම් කිරීම වැඩි කිරීමට දේශිය වෙදකම ප්‍රවර්ධනය , වන ජීවි පරිසර සංචරණය වැනි පැති ගැන උනන්දුවක් දක්වන්නේ නැද්ද?

පිළිතුර – මම හිතන්නේ මේ සංචාරකයන් ශ්‍රි ලංකාවේ දේශීය  වෙදකමට වඩා කේරළයේ වෙදකම ගැන  විශ්වාසය තියනවා. ඔවුන්ගෙන් යාල වගේ වනොද්‍යානවලට පවා යන්නේ ඉතා සුලු පිරිසක් . ඔවුන් දැනට වැඩි රුචියක් දක්වන්නේම මුහුදු තීරයට.

ප්‍රශ්නය –  මේ එන සංචාරකයන් පිනවීමට දැනට මොනවද අපේ කර්මාන්ත තුළ පවතින ප්‍රශ්න?

පිළිතුර – අපට රුසියානු භාෂාව දන්න සංචාරක මාර්ගෝපදේශකයො එනම් ගයිඩ්ලා නෑ. පසුගියදා බස් 25ක් විතර පිරෙන්න රුසියානුවන් ගුවන් තොටුපළින් ආවා. මේ බස් 25ටම දාන්න රුසියානු භාෂාව දන්න ගයිඩ්ලා නෑ. අද බොහෝ  විට මේ වැඩේට එන්නේ රුසියාවට වෛද්‍ය උපාධියට හෝ වෙනත් උපාධි සඳහා ඉගෙන ගන්න ගිය අය. ඔවුන් සුදුසු යයි මා කියන්නේ නෑ. හෝටල්වල ඉන්න සේවකයන්ටත් භාෂාව නොහැකි වීම තුළ යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. මම මේ අයට මේ හේතුව නිසා රුසියානු සංචාරකයන්ට හෝටල් තුළ දී යම් යම් සන්නිවේදන ගැටලු උද්ගත වෙනවා.

තව ගැටලුවත් තිබෙනවා රුසියානුවන්ට ජාත්‍යන්තරව පවතින සම්බාධක හේතුවෙන් ඔවුන්ට විසා මාස්ටර් කාඩ් වැනි ඉලෙක්ට්‍රොනික කාඩ්පත් මගින් ගෙවීම් කළ නොහැකියි. ඔවුන් සතු එකම කාඩ්පත් මීර් කාඩ් පත. නමුත් ශ්‍රි ලංකාව කිසිම හේතුවක් නැතිව ඇමෙරිකාව බනියි කියල රුසියානු මීර් කාඩ්වලින් ගනුදෙනු කිරීමේ පහසුව අත්හිටුවලා.

මහ බැංකුව ගත් මේ තීරණය හෙතුවෙන් මේ වනවිට මේ සංචාරකයන් විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඇමෙරිකාව සතුටු කිරීමට කළ ඒ කටයුත්තෙන් අපේ යම් යම් ගැටලු ඇතිවෙලා. එය මෙරට භාවිත කිරීමට අදාළ  සක්‍රිය කිරීම් කළ යුතුයි කියලමයි මා නැවත නැවත කියන්නේ.

ඒවා මහ මෝඩ වැඩ කියලයි මට හිතෙන්නෙ…

ප්‍රශ්නය -ඔබ දැන් සංචරක ක්ෂේත්‍රය සමඟ ගැටෙන අත්දැකීම් සහිත පුද්ගලයෙක්. ඔබ අපේ රටේ නුදුරු අනාගතයේ සංචාරක කෂේත්‍රය පිළිබඳ ව පුරෝකථනය කරන්නේ කෙසේද?

පිළිතුර – අපට තවම වැඩිපුර එන්නේ රුසියානුවන් සහ ඉන්දියානුවන්. රුසියානුවන් ශ්‍රි ලකාවට එන්නට අප විසින් සිදු කරන ලද  විශේෂ මෙහෙයුම් බලපා තිබෙනවා. මේ වනවිට රුසියානු ගුවන් සේවා දෙකක් එනම් එරෝෆ්ලොට් සහ අසූර් ශ්‍රි ලංකාවට එනවා. ඊට අමතරව යුක්රේනයෙනුත් ගුවන් යානා කිහිපයක් එනවා. මේ හරහා අපට සංචාරකයන් ගෙන්වා ගත හැකිව තිබෙනවා. නමුත් අපේ සුපුරුදු සංචාරක වෙළෙඳපොළින් තවම සංචාරකයන් එනවා අඩුයි. ඒ සඳහා අපේ පවතින නීති රීති බාධකත් බලපානවා. තවමත් අපේ රටේ සංචාරකයන්ට හිතකර ක්‍රමවේදයක් නෑ. වීසා සඳහා ගාස්තුවක් අය කරනවා ඩොලර් 35ක. අනෙක තවත් මුදලක් ගෙවල පීසී ආර් පරීක්ෂණයක් කරන්න ඕන. දැන් බොහෝ  රටවල්  මේ පීසීආර් පරීක්ෂණය කරන්නේ නැහැ. අපි පසුගිය කාලේ මේක කළා කියල ශ්‍රි ලංකාව කොවිඩ්වලින් තොර වුණෙත්  නෑ. අපි මුල සිටම විශාල මාෆියාවක් වගේ මේ පීසීආර් කරන්න පටන් ගත්තා. මේක ඉවත් කරන්න කියල කීප වරක්ම ඉල්ලුවත් තවම ඊට ප්‍රතිචාරයක් නෑ.

ප්‍රශ්නය – ලෝක පාපන්දු ශූරතාව ත් සමඟ කටාර් වෙත එන පාපන්දු ලෝලීන් මේ රටට ආකර්ෂණය කර ගැනීම ඇතුළු නව වැඩසටහන් කිහිපයක් මේ වනවිට දියත්ව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් අත්වෙයිද?

පිළිතුර – ලෝක පාපන්දු ශූරතාව බලන්න කටාර් එන සංචාරකයො කිලෝ මීටර   දහස් ගණනක් ගෙවල ලංකාවට එයිද කියල මට නම් ලොකු විශ්වාසයක් නෑ. හේතුව ඔවුන්ට කටාර්වල ඉන්න තැනක් නැතිනම් පහසුවෙන් ඩුබායිවලට, තායිලන්තයට යන්න පුළුවන්. අනෙක ඔවුන් මෙරටට ගෙන්වන්න තරම් ගුවන් යානා සේවයක් නෑ.

ඊට කලින් මේ රටේ සංචාරකයන් ආකර්ෂණය කර ගන්න බලපාන මූලික ප්‍රශ්න විසඳගන්න ඕන. සංචාරකයන් සඳහා කරදරයක් වෙලා තියෙන පීසීආර් එක ඉවත් කර ගන්න බැරිවුණු හරීන් ප්‍රනාන්දු  ඇමතිවරයාට මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වේවිදැයි මට කියන්න බෑ.

Share69Tweet43
Previous Post

බිත්තරයක නිශ්පාදන වියදම රුපියල් 25ක් පමණයි… ගොවිපල මාෆියාව බිත්තර වෙළෙඳ සංගම් හෙළි කරයි!

Next Post

රනිල් තමයි හරිම කෙනා… බැසිල් සහතික කර කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.