අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කාබනික උමතුවේ විකල් ඵලයක් වූ   චීන පොහොර අපචාරය!

by editor
ජූලි 29, 2023
in පුවත්
Qingdao seawin biotech group
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රජය 2021 මැයි මාසයේ දී රසායනික පොහොර ආනයනය හදිසියේම නවතා දැමුවේ රටට අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළම නිපවදවා ගොවීන්ට හිඟයකින් තොරව ලබා දෙන බව පවසමින් ය. එම තීරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු වටා සිටි සීමිත උපදේශකයන් කිහිපදෙනකු අත්තනෝමතික ලෙස ගනු ලැබූවකි. එහෙත් සැලසුම් කළ පරිදි මෙරට කාබනික පොහොර නිෂ්පාදනය සිදු නොවිණි. එනිසා, සැප්තැම්බර් මාසයේ දී ඇරඹුණු මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය පසුව තීරණය කළේය.

ඒ අනුව, එම වසරේ අගෝස්තු මස 05 දා නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99 000ක් ‘ක්වින්ඩාඕ සී වින් බයෝ ටෙක් ගෘප්’ නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය කෙරිණි. ඒ සඳහා රජය විසින් අනුමත කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6කි.

මහින්දානන්දගේ අස්ප කට

අගෝස්තු මස 31 දා මෙම සමාගමින් පොහොර සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙතත්, ඉන් අනතුරුව ඒවා ජාතික ශාක නිරෝධායන සේවය වෙතත් යොමු කෙරුණේය. අනතුරුව සිදුකෙරුණු පර්යේෂණවලින් පෙන්නුම් කර තිබුණේ, මෙයින් එක් සාම්පලයක “Erwinia” සහ “Bacillus” යන ගණයන්ගේ ක්ෂුද්‍ර ජීවීන් බහුලව සිටින බවත්, අනෙක් සාම්පලයේ “Bacillus” ගණයට අයත් බැක්ටීරියාවන් සිටින බවත් ය.

එනමුත්, රජයෙන් ආනයනය කරනු ලබන කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් ඇතැයි පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යක් බවට සැප්තැම්බර් 14 දා ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යංශය, “ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බයක් සැකක් ඇතිකර නොගන්නා ලෙස” ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. එසේම සැප්තැම්බර් 17 දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නම් කෙරුණු ස්වාධීන පරීක්ෂණාගාරයක සිදුකළ නිරීක්ෂණයන්ට අනුව, ආනයනික පොහොරවල එම අන්දමේ ක්ෂුද්‍රජීවීන් නැතැයි පැහැදිලිව සඳහන් කර ඇති බවයි.

ක්ෂුද්‍ර ජීවීන් හමුවූයේ තම දෙපාර්තමේන්තුව විසින් අවිධිමත් ක්‍රමයකින් ගෙන්වාගත් පොහොර සාම්පලයකින්යැ යි සඳහන් කළ අමාත්‍යවරයා, “නිකම් මේ ප්ලාස්ටික් බෑග් එකක තමයි මේ පොහොර ඇවිල්ල තියෙන්නේ. ඕනම කෙනෙකුට පුළුවන් මේ පොහොරට පොඩි ඉන්ජෙක්ෂන් කටුවකින් පොඩ්ඩක් ගැහුවොත් මේ සාම්පල් සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා” යි ද ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත් වීම

කෙසේ වෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සැප්තැම්බර් 28වැනිදා අනාවරණය කරනු ලැබුවේ චීන සමාගමෙන් ගෙන්වූ පොහොර වල නව සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි ද අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බවට තහවුරු වූ බව යි.

කෙසේ වෙතත් චීන සමාගම සහ මෙම දූෂිත ගනුදෙනුවට සම්බන්ධව සිටි පිරිස සිය උත්සාහය අත්හැර දැමුවේ නැත. පොහොරවල ප්‍රමිතිය ගැටලුකාරී බව දැනදැනම ක්වින්දාවෝ සමාගම බලහත්කාරයෙන් පොහොර තොගය රැගත් හිප්පෝ ස්පිරිට් නම් නෞකාව මෙරටට පිටත්කර එවනු ලැබීය. එහෙත් මෙරට රාජ්‍ය ප්‍රමිති ආයතනවලින් ඊට නිසි අනුමැතිය නොලැබීම මෙන්ම, මෙම වංචාවට ලැබුණු ඉහල ජනමාධ්‍ය ප්‍රචාරය හේතුවෙන් අදාළ චීන පොහොර තොගය මෙරට වරායකට ගොඩබාගන්නට ගනුදෙනුවේ සැලසුම්කරුවන්ට නොහැකි විය.

මේ නිසා ශ්‍රී ලංකා මුහුදු තිරය ආසන්නයේ මාස දෙකකට ආසන්න කාලයක් ‘කරක් ගහන්නට’ නෞකාවට සිදුවිය. අවසානයේ, සිය ප්‍රයත්නය අසාර්ථකවූ බව දැනගත් චීන සමාගම දින 70කට පසුව සිය නැව ආපසු හරවා ගත්තේය.

 චීන්නු සිංගප්පූරුවේ පැවරූ බේරුම්කරණ නඩුව

ඉන් අනතුරුව මතුවූ ගැටලුව වූයේ චීන සමාගම කුමක් කරනු ඇත්දැයි යන්නය. සිය නැව සිංගප්පුරුව දෙසට හැරවූ චීන සමාගම ප්‍රකාශ කරනු ලැබුවේ, බේරුම්කරණය හා නියැඳී ගැනීමේ කටයුතු සඳහා පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව සිංගප්පුරුවට රැගෙන යන බවයි. එසේම තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් සී වින් බයෝටෙක් සමාගම සිංගප්පුරු බේරුම්කරණ විනිශ්චය සභාව හරහා ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලීමටද පියවර ගත්තේය.

එම සමාගම විසින් අදාළ වන්දි මුදල ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගමෙන්ය. කාබනික පොහොර මිලදී ගැනීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව විසින් උල්ලංගණය කර ඇති බව ක්චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. සමාගම ඉල්ලා සිටින වන්දියට පොහොර තොගයේ වටිනාකම, නැව් ගාස්තු, බේරුම්කරණ ක්‍රියාවලිය සඳහා වැයවන ගාස්තු හා පොලියක් ද ඇතුලත් වන බවට සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් වඩාත් අප්‍රසන්න දේ සිදුවූයේ ඉන් අනතුරුවය. මෙම පොහොර ශ්‍රී ලංකාවට ගොඩබෑම වළකමින් අධිකරණ නියෝගයක් ලබාදී තිබිණි. එහෙත් අතරමගදී ගෝඨාභය ආණ්ඩුව චීනය සමග එකඟතාවකට පැමිණියේය. වාර්තා අනාවරණය කරන ලද්දේ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට සහ චීන රජය විරසක කරගැනීමේ අවදානමට බියෙන් ආරවුල ඇද නොදැමීමට ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව තීරණය කළ බවයි. ඒ අනුව හරවා යැවුණු ප්‍රමිතියෙන් බාල පොහොර තොගයක් වෙනුවෙන් අවසානයේ 2022 වසර ආරම්භයේදීම මෙරට ජනතා බදු මුදලින් ඩොලර් මිලියන 6.9ක වන්දියක් ගෙවා, චීන බලහත්කාරය ගොඩින් බේරා ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගත්තේය.

හිපොප් ස්ට්‍රීට් නෞකාව

ඒ කුප්‍රකට චීන නැවේ නිධාන කතාවයි. අදුරදර්ශී සහ වංචනික ගනුදෙනුවක් නිසා ශ්‍රී ලංකාව, තමාට ඩොලර් අත්‍යවශ්‍යම මොහොතක මිලියන ගණනක ඩොලර් ප්‍රමාණයක් අහිමිකර ගත්තේය.

චීනයට ගෙවූ මුදල අය කරගැනීමට පත් කළ විශේෂ කමිටුව

එහෙත් වරින්වර මෙම කුප්‍රකට ගනුදෙනුව රටේ ජනතාවට සිහිපත් කෙරෙන සිදුවීම් වාර්තා වෙමින් පවතී. මුදල් ගෙවීමෙන් වසර එකහමාරකට පසුව, මේ මස මුලදී වාර්තා වූ පුවත් වූයේ, චීන කාබනික පොහොර ආනයනය පිළිබඳව විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ මත, ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බවයි (මේ සම්බන්ධයෙන් 2022 වසරේදීම විගණන වාර්තාවක්ද නිකුත් විය. මෙම සිදුවීමේදී සිදුකර ඇති සියලුම අක්‍රමිකතා එමගින් අනාවරණය කර තිබිණි). කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙලෙස කමිටුවක් පත්කර තිබුණද, බලහත්කාරයෙන් චීනය ලබාගත් වන්දිය ආපසු ලබාගැනීමේ ප්‍රයෝගික හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බව මේ වන විට අනවරණය වී තිබේ. එලෙස අදාළ පොහොර තොගයක් මිලදී ගැනීම සඳහා චීන සමාගමකට ගෙවන ලද ඩොලර් මිලියන 6.9 ක මුදල ආපසු ලබාගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකිව ඇත්තේ, එම ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර තබාගැනීමට මෙරට වගකිවයුත්තන් අපොහොසත් වීම හේතුවෙන් බව අනාවරණය වේ.

ක‍ාර්ය සාධක බැඳුම්කර කල් ඉකුත් වෙලා..

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුකළ ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර කල් ඉකුත්වීමකින් තොරව වලංගුව තබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ. ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර 2022 මාර්තු මාසය වන විට කල් ඉකුත් වී ඇති බවද විගණකාධිපතිවරයා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, සීමාසහිත Colombo Commercial Fertilizers Ltd සහ Ceylon Fertilizer Ltd යන ආයතනවල රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත. ඒ අනුව, අවසානයේ ‘ගහපු පදයකුත් නැති-බෙරේ පලුවකුත් නැති’ මහා ජනතා මුදල් මංකොල්ලයක් ශ්‍රී ලංකා දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් චීනය සමග එක්ව සිදුකිරීමේ අවසන් වන්දිය රටේ ජනතාවට ගෙවීමට සිදුව තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපනුන්ගේ දීර්ඝායුෂයේ රහස් සහ ඔකිනාවා බතල නොහොත් ශ්‍රී ලංකාවේ දම් බතල….

Next Post

චීන රජය ආර්ථිකයේ කළු පැත්ත කතාරණ අයට වැට බඳින හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.