බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජපනුන්ගේ දීර්ඝායුෂයේ රහස් සහ ඔකිනාවා බතල නොහොත් ශ්‍රී ලංකාවේ දම් බතල….

by Lanka Sara Editor
ජූලි 29, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ජපනුන් කියන්නේ, නීරෝගීව ඉදිමින් දීර්ඝායුෂ විඳින්න භාග්‍යය ලබපු ජාතියක්. ජපන් දූපත් අතරින් ඔකිනාවා දූපත තමයි ලොව වැඩිම කාලයක් ජීවත්වන ස්ත්‍රීන් සිටින දූපත. “ඔකිනාවන් ජීවන රටාව”, දෛනික ශාරීරික ක්‍රියාකාරකම් සහ සිහියෙන් ආහාර ගැනීමේ පුරුදු ද අවධාරණය කරවන්නක්. ඔකිනාවන් සංස්කෘතිය ආහාර ඖෂධයක් ලෙස සලකන අතර, සාම්ප්‍රදායික චීන – ජපන් වෛද්‍ය විද්‍යාවේ බොහෝ භාවිතයන් අදටත් භාවිත කරනවා. ඔවුන්ගේ අද්විතීය ආහාර රටාව සහ ජීවන රටාවට ඔවුන්ට පෘථීවියේ දීර්ඝතම ආයු කාලය ලබා දීමේ ගෞරවය හිමි කර දී තිබෙනවා. සාම්ප්‍රදායික ඔකිනාවා ආහාර වේලෙ අඩු කැලරි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්වලින් බහුල ආහාර වේලක්. සාම්ප්‍රදායික ඔකිනාවන් ආහාර වෙිල සමඟ සම්බන්ධව පවතින සෞඛ්‍ය ප්‍රතිලාභ ප්‍රධාන ධාරාවෙි බටහිර පෝෂණ විද්‍යාඥයින්ගේ අවදානය මෙි වන විට දිනාගෙන තිබෙනවා.

තැඹිලි සහ දම්පාට බතලවලට මේ කියන ඔකිනාවන් ආහාර රටාව තුළ ප්‍රමුඛතම ස්ථානයක් හිමිව තිඛෙනවා. බතල කියන්නේපපෝෂණ ගුණ සපිරි ආහාරයක්. ඒ අතරිනුත් තැඹිලි බතල සහ දම්පාට බතල සුවිශේෂී වෙනවා. දම්පාට බතලවලට “ඔකිනාවා බතල ” කියලත් කියනවා. කහපාට බතල ශ්‍රී ලංකාවේ වගා කෙරුන ද දම්පාට බතල වෙළඳපොලේ දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් ඇතැම් ගෙවතුවල දම් බතල ගෙවතු වගාවක් ලෙස වගා කෙරෙනවා. තරමක් දුර්ලභ මෙි බතල වර්ගය පිළිබඳ සිදු කර තිබෙන විද්‍යාත්මක අධ්‍යය‍ෙවලින් හෙළිදරව් වන කරුණු කාරණා අප මවිත කරවන තරම්.

ස්වාභාවික වර්ණයන් ආහාර අලංකාරවත් සහ විචිත්රවත් කරනවා පමණක් නෙවෙයි ඒවා, සුපිරි පෝෂණ ගුණයන්ගේ සලකුණු ද විය හැකි බව විද්‍යාත්මකවත් තහවුරු කර තිබෙනවා. ආහාරවලට සොබාදහම ලබා දී තිඛෙන වර්ණ අතරින් දම් පාට අති බලවත්. මෙම ප්රතාපවත් රාජකීය පැහැය ආහාරවලට පැමිණෙන්නේ “ඇන්තොසයනින්” නැමති වර්ණකය නිසා. මේ වර්ණකය නිසා ශාකවලට දම්, රතු, නිල් සහ ඒවායේ මිශ්‍ර වර්ණයන් ලැබී තිඛෙනවා. 2021 වර්ශයේදී ප්‍රතිඔක්සිකාරක පිළිබඳ සිදු කර තිඛෙන අධ්‍යයනයකට අනුව, දම් පාට බතලවල තිඛෙන ඉහළ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතය, විශේෂයෙන්ම, සෛල දාහයට එරෙහිව සටන් කරන අතර, හෘද රෝග සහ පිළිකා අවදානම අවම කිරීමට උපකාරී වන බව පවසා තිඛෙනවා.

බතල විද්‍යාත්මකව හදුන්වන්නේ Ipomoea batatas ලෙසින්. බතලවල නිජබිම වන්නේ පොලිනීසියාව සහ මධ්‍යම, දකුණු ඇමරිකාව යන රටවල්. මේ කලාපයේ ජනතාව වසර 5,000 කට පෙර සිට බතල වගාකොට ආහාරයට ගෙන තිඛෙන අතර, මේ වන ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා. බාහිර හැඩයෙන් වර්ණයෙන් මෙන්ම අලවල බාහිර සහ අභ්‍යන්තර පැහැයන් වෙනස් විචිත්ර ප්රභේද කිහිපයක්ම තිබෙනවා. මේ බොහෝ ප්රභේද වාසනාවකට ශ්‍රී ලංකාව තුළද දකින්නට ලැබෙනවා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

දම් පාට බතලවල නිජ බිම ජපානයේ ඔකිනාව දූපත කියලයි සැලකෙන්නේ. දම් බතල වැඩියෙන්ම ජනප්රියව ඇත්තේ ද ජපානය, කොරියාව, තායිලන්තය වැනි රටවල්වලයි. එම රටවල්වල දම් බතලවලින් අගය එකතු කළ රසවත් මෙන්ම වචිත්රවත් කෑම වර්ග ⁣රාශියක් සකස් කරනවා. පාන්, කේක්, අයිස් ක්‍රීම්, කුකීස්, බිස්කට්, චිප්ස්, විනාකිරි, මධ්‍යසාර වර්ග, සුප් වරග ඒ අතරින් කිහිපයක්. යුරෝපා රටවල්වලත් යම් තරමකට මේ බතල වර්ගය ජනප්රිය වෙමින් තිබෙනවා.



අනිකුත් බතල වර්ගවලට වඩා රසයෙන් වැඩි වුවද, දම් බතල වල ග්ලයිසීමික් අගය අර්තාපල්වලට සාපේක්ෂව ඛෙහෙවින්ම අඩුයි. එහෙම වෙන්නේ මෙහි සාපේක්ෂව වැඩි ආහාරමය කෙදි ප්රමාණයක් අඩංගු වීම සහ ජීර්ණයට ප්රතිරෝධී පිශ්ටය අන්තර්ගත වීම නිසා විය හැකියි. (Resistant starch)

බතල ආහාරයට සකස් කර ගැනීමේ දී තැමිබීමෙන්, පිළිස්සීම බේක් කිරීම හෝ බැදීම වැනි ක්‍රමවලට වඩා පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා කරගත හැකි වෙනවා. තදින් වසා ඇති පියනක් සහිත බඳුනක මධ්‍යස්ථ තාපයක් යටතේ මිනිත්තු 20 ක් බතල තැමිබීමෙන් පෝෂ්ය පදාර්ථ 92% ක් දක්වා රඳවා ගත හැකි වෙනවා.

දම් බතලවල විටමින් සී, ඒ, බී සහ ඊ යහමින් තිබෙන අතර, කැල්සියම්, යකඩ, පොටෑසියම්, තඹ සහ මැන්ගනීස්වලින් හොඳටම පොහොසත්. විටමින් ඒ ප්රභේදයකට අමතරව ප්රභල ප්රතිඔක්සිකාරකයක්ද වන බීටා කැරොටින් ලොව වැඩියෙන්ම අන්තර්ගත වන තැඹිලි බතල තරම්ම නොවුනත් දම් බතල ග්රෑම්100 ක දෛනිකඅවශ්‍යතාවයෙන්100% ඉක්මවන බීටා කැරොටින් ප්රමාණයක් අඩංගු වෙනවා. දම්පාට බතලවල සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ඇති අතර, ඒවායින් බොහොමයක් ඒවායේ ඉහළ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතයෙන් සහ පෝෂ්‍ය පධාර්තවලන් පැන නැගී තිඛෙන බව පෙනී යනවා. ඒවා ආහාරයට ගැනීමෙන් හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ පිළිකා වැනි නිදන්ගත රෝගවලට තුඩු දිය හැකි හේතු අවම කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

දම් බතල ආහාරයට ගැනීමෙන් ආයුෂ වර්ධනය කෙරෙන අභ්‍යන්තර ජෛව විද්‍යාත්ම ශාරීරික ක්‍ර්‍රියාකාරිත්වයන් ප්‍රවර්ධනය කෙරෙන බව අධ්‍යයනවලින් තහවුරු වී තිඛෙනවා. මෙම දීර්ගායුෂ වර්ධනය කෙරෙන ජෛව ක්‍රියාකාරිත්වයන් දම් බතල අචිචාරු දැමීම විනාකිරි සහ වයින් වැනි ක්ෂ්‍රද්‍ර ජීවීමය පැසවීමේ ක්‍රියාකාරිත්වයට භාජනය කළ බතලෙවලින් තවදුරටත් සුසර කෙරෙන බවට ද සොයා ගෙන තිඛෙනවා.
https://pubmed.ncbi.nlm.nih.gov/33301922/

ඒ අනුව, මෙම දීප්තිමත් වර්ණවත් අලංකාරයන් ඔබේ පිඟානට එකතුකර ගැනීමට ප්‍රබල හේතු ඕනෑ තරම් තිබෙන බව කියන්නේ ඉතාම සතුටින්. එහෙම තිබුනත්, මොනම බතල වර්ගයක්වත් මෙරට ජනතාවගේ සැලකිය යුතු අවදානයක් දිනා ගෙන නොමැති වීම නම් සතුටු විය හැකි කාරණයක් නෙවෙයි. අපේ රටේ අර්තාපල්ෙවලට සාපේක්ෂව බතල සැලකෙන්නේ තර්ඩ් ක්ලාස් කෑමක් විදිහටයි. නමුත් පෝෂණ සහ ඖෂධීය ගුණ අතින් අර්තාපල්වලට වඩා බතල ඉහළින් තැබිය හැකියි. උදාහරණයක් ලෙස ගත්තොත් මෙරට දරුවන්ගේ සහ ගර්භනී මවුවරුන් අතර ප්‍රමුඛ විටමින් ඌණතා තත්ත්වයක් වන විටමින් ඒ උෘණතාවයට බලපාන විටමින් ඒ (බීටා කැරොටින් ලෙස) අපගේ දෛනික අවශ්‍යතාවයෙන් දෙගණයකටත් වඩා බතල ග්රෑම් 100කින් ලැඛෙන අතර, අර්තාපල්වල විටමින් A නොමැති තරම්. මෙකී නොකී කරුණු කාරණා සලකා බලා දම් බතල වර්ගය මෙරට ජනතාව අතර ප්රචලිත කිරීම කෙරෙහි පෝෂණවේදීන්ගේ , කෘෂි විද්‍යාඥයින්ගේ සහ බලදාරීන්ගේ අවදානය නොපමාව යොමු විය යුතුව තිබෙන බව ලියා තබමින් මේ සටහන අවසන් කරනවා.
https://www.eatingwell.com/article/7561504/health-benefits-of-purple-potatoes/

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

– ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක. දෙහිවල ගල්කිස්ස මහානගර සබාව.

Share69Tweet43
Previous Post

ඒ අවස්ථාව ඓතිහාසිකයි… ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ ශ්‍රී ලංකා සංචාරය!

Next Post

 කාබනික උමතුවේ විකල් ඵලයක් වූ   චීන පොහොර අපචාරය!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.