සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ගහනව ද?… අදත් හානව ද?… විස්සයි 20  අවසන් තරගය අද!

by editor
ජනවාරි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තවත් T20 ලෝක කුසලානයක එළිපත්තේය. තවමත් කණ්ඩායම තේරුම් ගත නොහැකි තරමටම අස්ථාවරය. එය මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමට  සුපුරුදු අස්ථාවරත්මය.

නායකයා ඉවත් කර ඇත. නමුත් කණ්ඩායම තවමත්   පරාජය වෙමිනි. ඉහළ පෙළ නිතර නිතර වෙනස් වෙමින් ඇත.  එය ස්ථාවරවන ලකුණු  නොපෙනේ.    දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගගේ පන්දු යැවීම වැනි  ප්‍රහාරයේ ප්‍රබල අංග තිබේ.  නමුත්  සමස්ථයක් ලෙස ඇත්තේ අස්ථාවර බිඳෙසුළු බවකි. තේරුම් ගන්නට බැරි    හොඳ විස්සයි20 කණ්ඩායමකට අවශ්‍ය සියලු දේ පවතිද්දී මේ අජූව පරාජය ය.

බදාදා සිට පාකිස්තානය විශාල විවේකයක් ලබා ඇත. ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් පළමු විස්සිය 20 තරගයේදී ඔවුන්ගේ විශාල ජයග්‍රහණය “ඉතා විශිෂ්ට” එකක් ලෙස විස්තර කළේය. ශ්‍රී ලංකාව ලකුණු 128කට ඇද දැමූ පන්දු යැවීම පමණක් නොව, හඹා යාම සාර්ථක කළ ඉදිරි පෙළ පිතිකරුවන්ට ද ඔහු ප්‍රශංසා කළේය. ඔවුන්ගේ එකම අඩුපාඩුව  වූයේ පන්දු රැකීම බව ඔහු සිතුවේය.

බාබර් අසාම් වැනි ප්‍රධාන ක්‍රීඩකයින් කණ්ඩායමේ  නොමැති විට පකිස්ථානය එවැනි දස්කම් දැක්වීම විශේෂයෙන් ආකර්ෂණීයය. එළඹෙන ලෝක කුසලානයේදී ඔවුන් හොඳ  සටනක් සඳහා සැරසෙමින් සිටිති. පකිස්ථානය දඹුල්ලේ ඔවුනගේ ධජය සිටුවා තරගාවලි ජයක් සමග පිටවි යෑමට සැරසෙන බව පෙනේ.

මව්බිමේ දී පකිස්ථාන බී කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණයක් ලබා දීමට වඩා ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ක්‍රිකට්වලින් සමුගෙන නෙට් බෝල් පුහුණුවට යෑම  සුදුසුය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අවසන් විස්සයි 20 තරග 05න් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 03කින් පරාජය වී සිටිති.  පකිස්ථාන අවසන් විස්සයි 20 තරග 05න් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි. පාකිස්තානය ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ තරඟ 12 න් නවයක්ම ජයග්‍රහණය කර තිබේ. ශ්‍රී  ලංකාව ඔවුන් ඔවුන්ගේ නිවස කරගෙන ඇති බව දකිමු.

 සාහිබ්සාඩා ෆර්හාන් සහ කමිල් මිෂාරා

පසුගිය මාසයේ පාකිස්තානයේ පැවති විස්සයි 20  තුන්කොන්  තරඟාවලියේදී, පාකිස්තාන ආරම්භක පිතිකරු සාහිබ්සාඩා ෆර්හාන් ලකුණු ලැයිස්තුවේ ඉහළින්ම සිටි අතර ඔහු 146.92 ක ප්‍රහාරක අනුපාතයකින් ලකුණු 191 ක් ලබා ගත්තේය. ඔහු දැන් ශ්‍රී ලංකාවේ දීප්තිමත් ආරම්භයක් ලබා තිබේ.  ශ්‍රි ලංකාව තුළ  ඔහුගේ පළමු ඉනිමේදී පන්දු  36 කින් ලකුණු 51 ක් ලබා ගත්තේය. නුවන් තුෂාර ට ක්‍රිකට් එපා කරවන ප්‍රහාරයක්  ෆර්හාන් දියත් කළේය.  එම තත්ත්වය ශ්‍රී ලංකාවට සැලකිය යුතු ගැටළු ඇති කළේය

ශ්‍රී ලංකා කණ්ඩායම නුවන් තුෂාරගෙන්    මුල් කඩුලු අවශ්‍ය විය. ෆර්හාන්ගේ ආධිපත්‍යය නිසා මෙම තරඟයේදී  බොහෝ විට නුවන් තුෂාරට ඉන්නට සිදුවනු ඇත්තේ බංකුවේය.

පසුගිය මාසයේ  පැවති තුන්කොන්  තරඟාවලියේ ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ කමිල් මිෂාරා 138.52 ක ප්‍රහාරක අනුපාතයකින් ලකුණු 169 ක් ලබා ගෙන ඇත. නමුත් බදාදා කමිල් මිෂාර ෆේල් විය . හැන්දකින් කාල් ගානවාක් බඳු පහරකින්  මිඩ් ඕෆ් වෙත උඩපන්දුවක්   ලබා දීමෙන් පසු පන්දු තුනකින් ඔහු ලකුණු නොලබා දැවී ගියේය.   නමුත් ඔහු ඉහළ මට්ටමේ  විශේෂ  දක්ෂතා පෙන්නුම් කරන ඉතිහාසයක් සහිත ක්‍රීඩකයෙකි. මෙම තරගාවලියේදී සහ එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයේදී බලපෑම්කාරී ඉනිමක් ක්‍රීඩා කරන්නේ නම්  ඔහු ඉහළම ස්ථානයේ රැඳී සිටීමට ඉඩ තිබේ.

මිෂාරගේ විස්සයි 20  ඉනිම් 14 න් හතරක්ම පාකිස්තානයට එරෙහිව ය. ඔහු මෙම ප්‍රතිවාදීන්ට එරෙහිව 142.72 ක ප්‍රහාරක අනුපාතයකින් ලකුණු 157 ක් ලබා ඇත.

ෆර්හාන්ගේ විස්සයි 20 ඉනිම් පහක් ශ්‍රී ලංකාවට එරෙහිව ය. ඔහු ඔවුන්ට එරෙහිව 149.60 ක ප්‍රහාරක අනුපාතයකින් ලකුණු 187 ක් ලබා ඇත.

තණතීරුව සහ කොන්දේසි

පළමු එක්දින තරගය සඳහා දඹුල්ල තණ තීරුව දඟ පන්දු යැවීමට හිතකර විය.   දිවයිනේ කාලගුණික රටා අනාවැකි කීම වඩ වඩාත් දුෂ්කර වන  වැසි නැවතත් ඇද හැලෙන්නට පුළුවන. වැස්සොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසීමක් ඇති වෙන්නට පුලුවන. ඒත් වැස්ස නිසා තරගය අත් හිටවනු ලැබුවහොත්  අවසානයේ දී තරගාවලියත් පරාදය. මේ තරගය යන්තමින් හෝ දිනා ගත්තොත් නම්බුව බේරා ගත හැකිය.

කණ්ඩායම් පුවත්

පාකිස්තානයට ඔවුන්ගේ XI වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව පෙනෙනු ඇත.

පාකිස්තානය (බොහෝ විට): 1 සහිබ්සාඩා ෆර්හාන්, 2 සයිම් අයුබ්, 3 ෆකාර් සමාන්, 4 සල්මන් ආගා (නායක), 5 උස්මාන් ඛාන් (කඩු පහර), 6 මොහොමඩ් නවාස්, 7 ෂඩාබ් ඛාන්, 8 ෆහීම් අෂ්රෆ්, 9 මොහොමඩ් වසීම්, 10 සල්මන් මිර්සා, 11 අබ්රාර් අහමඩ් සමග ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව තුෂාර වෙනුවට මතීෂ පතිරණ ගෙන ඒම සලකා බැලිය හැකිය, එයින් අදහස් වන්නේ දසුන් ශානක නව පන්දුවෙන් පන්දු යැවීමට අවශ්‍ය වනු ඇති බවය.

ශ්‍රී ලංකාව (බොහෝ විට): 1 පැතුම් නිශ්ශංක, 2 කමිල් මිෂාර, 3 කුසල් මෙන්ඩිස් (කඩුලු), 4 ධනංජය ද සිල්වා, 5 චරිත් අසලංක, 6 දසුන් ශානක (නායක), 7 ජනිත් ලියනගේ, 8 වනිඳු හසරංග, 9 දුෂ්මන්ත චමීර, 10 මහීෂ් තීක්ෂණ, 11 මතීෂ පතිරණ/නුවන් තුෂාර.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමලේ ගේ විගඩම…

Next Post

වන අලි පැටවෙකු  වෙඩි වැදී ගිලන් වෙලා….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.