ඕස්ටේ්රලියාවේ මෙල්බන් නුවර පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ජයග්රහණය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙය එංගලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගත් දෙවන අවස්ථාවයි.
පන්දු වාර 19ක් අවසානයේදී එංගලන්ත කණ්ඩායම කඩුළු 5 දැවී ළකුණු 138ක් රැස් කරමින් ලෝක කුසලානයට හිමිකම් කීවේය. මෙහිදී බෙන් ස්ටොක් ළකුණු 51ක් ද ජෝස් බට්ලර් ළකුණු 26ක් ද රැස් කළේය. මෙය බෙන් ස්ටොක්, විස්සයි විස්ස තරඟවලදී ලබාගත් පළමු අර්ධ ශතකයයි.
හරීස් රවුෆ් පාකිස්ථානය වෙනුවෙන් කඩුළු 2ක් බිද හෙලුවේය.
කාසියේ වාසිය දිනාග්ත එංගලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට පාකිස්ථානු කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දු වාර විස්ස අවසානයේදී කඩුළු 8ක් දැවී ළකුණු 137 ක් රැස් කර ගැනීමට සමත් විය. ෂාන් මසූඩ් ළකුණු 38ක් ද, බාබර් අසාම් ළකුණු 32ක් ද ලබා ගත්තේය.
කඩුළු ලබා ගැනීමේදී සෑම් කරන් කඩුළු 3ක් ද, ආදිල් රෂීඩ් කඩුළු 2ක් ලබා ගැනීමට සමත් වූහ.
තරඟාවලිය නැරඹීමට 80 000ක් පමණ සහභාගී වී ඇත.







