කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සැප්තැම්බර් මාසය අවසානයේදී අවුරුදු 63 සම්පූර්ණ කර විශ්‍රාම යාමට නියමිත වුවද කොන්ත්‍රාත් පදනම මත තවත් වසරකින් සිය සේවා කාලය දිගුකරන මෙන් සෞඛ්‍ය අමාතයංශයෙන් ලිඛිතව ඉල්ලා ඇත.
ඇය මේ ඉල්ලීම කර ඇත්තේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ විගණන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති නිසා බවත් එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසය අවසානයේදී බවත් දැනගන්නට ඇත.
ඇය මේ ඉල්ලීම හා මීට පෙර කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාව සිටි ඇයගේ සැමියා කරන ලද මූල්‍ය අක්‍රමිතාවන්ගෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ උත්සාහය අතර යම් සම්බන්ධතාවයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අධයක්ෂවරිය සිය සේවා දිගුව ලබා ගැනීමට කල ඉල්ලීම වැරදි බව දැන දැනම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය එම ලිපිය නිර්දේශ කර සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
කොන්ත්‍රාත් පදනම මත සේවා දිගුවක් ලබා දිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පමණක් බවත් පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට එසේ කොන්ත්‍රාත් පදනම මත සේවා දිගු ලබා දිය නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කෙසේ නමුත් ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ කලුතර දිස්ත්‍රිත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් සිටින පසුබිමක වීම ද විශේෂත්වයක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කරයි







