අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කසිප්පුකාර බේබදන්නව කසිප්පුවලින් බේරගන්න අඩුමිල අරක්කු හඳුන්වා දෙන්න තීරණය කරන්නෙ මොන විද්‍යාත්මක අධ්‍යයනයකින් ද? ADIC ආණ්ඩුවෙන් අසයි!

by editor
දෙසැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර- පර්සි කුරුනේරු –

නීති විරෝධී මද්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම් ඒ සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් කළ යුත්තේ වැටලීම් සිදු කර නීති විරෝධී අරක්කු නිෂ්පාදනය අඩාල කිරීම මිස කසිප්පු වෙනුවට වෙනත් නිෂ්පාදනයක් අඩු මිලට ලබාදීම නොවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) වැඩසටහන් අධ්‍යක්ෂ අමරණාත් තැන්න පවසයි.

වර්තමානයේ දේශපාලන මැදිහතවීමක් නොමැති අවස්ථාවක නීති විරෝධී මත්පැන් පෙරන ස්ථාන වටලා සම්පුර්ණයෙන් පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හා පොලිසියට හැකියාව තිබෙන බවත් ඒවා හඳුනාගැනීමේ ක්‍රම හරි හැටි නීති ක්‍රියාත්මක කර ඒවා බොන පුද්ගලයන්ට ඉන් ඉවත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීම කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ නොමැතිව මිල අඩු අරක්කු හඳුන්වාදීම වැනි විද්‍යාත්මක නොවන තීරණ ගැනීමෙන් තත්ත්වය වඩාත් බරපතළවීමක් මිස යහපතක් සිදුනොවන බවත් හෙතෙම සදහන් කළේය .

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මෙවැනි තීරණ ගැනීමට පෙර මේ පිළිබඳ විද්‍යාත්මක සාධක අධ්‍ය‍යනය කිරීම අදාළ බලධාරීන් විසින් සිදු කළේ ද යන්න ගැටලුවක් බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර අවම කිරීමේ නිර්දේශවල මිලදී ගැනීමේ හැකියාව අඩු කිරීම සහ සුලභතාවය අඩු කිරීම රජයකට ගත හැකි වියදම් අඩුම සහ ඵලදායී ක්‍රමවේදයක් ලෙස නිර්දේශ කර ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

පසුගිය වර්ෂවල බදු වැඩි කිරීම හරහා සුරා බදු අදායම් වැඩි වී මද්‍යසාර භාවිතය අඩු වූ පසුබිමක මෙවැනි තීරණ වලින් මද්‍යසාර නිෂ්පාදනය කරන සමාගම්වලට වාසියක් අත්වීම මිස ජනතාවට වාසියක් නොවන බවත් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයි.

අරක්කුවල මිල අඩු කල විට කසිප්පු වලද මිල ද අඩුවන අතර නිති විරෝධි අරක්කු ව්‍යාපාරය හැමවිටම නීතියානුකූල මද්‍යසාරවලට වඩා අඩු මිලක් පවත්වා ගැනීම මහ පොළොවේ යථාර්ථය බව කියන මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එවිට කසිප්පු පානය කිරීමේ අඩුවක් සිදු නොවන අතර තව තවත් වැඩිවීමද සිදුවනු ඇති බව පෙන්වා දෙයි,  මීට පෙර අවස්ථාවලත් කසිප්පු බීම අඩු කිරීමට බව පවසමින් බියර් මිල අඩු කළ අවස්ථාවල කසිප්පු භාවිතයේ අඩුවක් සිදු නොවුණු අතර බියර් බීම වැඩි වූ බව සංඛ්‍යා ලේඛන දක්වමින් එම ආයතනය පෙන්වා දෙයි.

ලෝකයේ කිසිදු නිති විරෝධි භාණ්ඩයක පරිභෝජනය එහි නිත්‍යනුකුල භාණ්ඩයේ මිල පහත දැමිමෙන් සිදු කළ නොහැකි බව සනාත වි ඇති ආකාරයත්, මෙරට අරක්කු මිල අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කළහොත් අවසාන වශයෙන් සමස්ථයක් ලෙස රටේ මද්‍යසාර භාවිතය වැඩිවිමක් සිදුවනු ඇති බවත් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනවාරි 01 – දෙසැම්බර් 13 අතර රිය අනතුරු මරණ 2141ක්… පොලිසිය කියයි!

Next Post

මරා දැමූ බවට සැක කරන කිඹුලෙකුගේ මළ සිරුරක් මහ පාරේ…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

Comments 1

  1. S.B.Wijayakoon says:
    වසර 2ක් ago

    can't be accepted ADIC analysis on alcohol consumption in sri lanka

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.