දිනසේන රතුගමගේ –
යාපනයේ චෙම්මනි වංගුව අසල මාර්ගයේ තිබී මරා දැමුවේ යැයි සැක කරන කිඹුලෙකුගේ මළ සිරුරක් අද (22 දා) හමු වී තිබේ.
වැස්ස සමග නිවසකට පැමිණි මෙම කිඹුලාව මරා මළ සිරුර මේ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට සැක කරන බවත්, මියගිය කිඹුලාගේ මළ සිරුර අසල තිබී ලී මුගුරු දෙකක්ද හමු වී තිබීම නිසා එම සැකය තවත් තහවුරුවන බවත් වාර්තා වේ.
පිළිබදව පොලීසියට හා වන ජීවී නිලධාරීන්ට දැනුම් දී ඇති අතර ඔවුන් පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
මියගිය කිඹුලා අඩි 8 ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකි.







