කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේදී සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
එම පිපිරීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙකි. අදාළ පිපිරීම සිදුවී ඇත්තේ බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදීය.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ, අද පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවය.
පිපිරීමෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කළේ අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.







