ත්‍රිවිධ හමුදාවේ දෙදහසක් තුන් දහසක් තමන් විසින් ඝාතනය කළ බවට ප්‍රකාශයක් සිදුකර තිබෙන හිටපු නියොජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගැනිමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
වෘත්තීය ගුරුවරයෙක් වූ කඩුවෙල පදිංචි බෝසෙත් කලෙහෙපතිරණ නැමැති ඇය මම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, නීතිපති හා පොලිස්පති නම් කර ඇත.
තමන් ත්‍රිවිධ හමුදාවේ 2000ක් 3000ක් ඝාතන කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් එලෙස අපරාධය පිළිගැනීම කර ඇතැයි පෙත්සමේ දක්වා ඇත.
මෙරට සිවිල් නීතිය පිළිගත් පුද්ගලයෙක් වශයෙන් කරුණා අම්මාන් සිදු කර ඇති ප්‍රකාශයෙන් සිවිල් පුරවැසියෙක් ලෙස ජිවත්වන තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර තිබෙන නිසා ඒ අයිතිය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට තීරණය කළ බව බෝසෙත් කලහෙපතිරණ ලංකාසරට පැවසීය.
තමන් සිදුකළ බව කියන බරපතල අපරාධය සම්බන්ධයෙන් කරුණු හෙළිකර දින ගණනාවක් ගතවුවත් ඊට වගඋත්තරකරු වන කරුණා අම්මාන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුට ගැනීමේ නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටි බව ද හේ කීය.